කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කේම්බ්‍රිජ් පාසල් සම්මේලනය කොළඹදී

කේම්බ්‍රිජ් පාසල් සම්මේලනය කොළඹදී

ලොව වටා වෙසෙන කේම්බ්‍රිජ් ගුරුවරුන් සහභාගි වන වාර්ෂික සම්මේලනය වන කේම්බ්‍රිජ් පාසල් සම්මේලනය සඳහා ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇත. මෙම සම්මේලනය දෙසැම්බර් 3 සිට 5 දක්වා කොළඹ ව්‍යාපාර සහ තාක්ෂණ නෝර්ෂෝ විද්‍යාලයේ දී පැවැත්වෙනු ඇත. සිසුන් උද්‍යෝගිමත් කළ හැකි පංති කාමර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමෙහිලා ක්‍රමවේදයන් සහ හොඳ භාවිත‍යන් හඳුනාගැනීමට මෙම සම්මේලනය සහාය වනු ඇත.

අවබෝධය සහ ඉගැන්වීම සඳහා සූදානම් කිරීමේ සුදුසුකම් අතර සමතුලිතතාව සංවර්ධනය කිරීමෙහිලා ජීවකාල ඉගැන්වීම් ක්‍රම මෙන් ම ඉගැන්වීම් පරිසරය කෙරේ බලපාන මාතෘකා ඔස්සේ සාකච්ඡා සහ විවාද සඳහා මෙම සම්මේලනය පසුබිම සපයයි.

මෙම සම්මේලනය පිළිබඳ අදහස් දක්වමින් කේම්බ්‍රිජ් ජාත්‍යන්තර විභාග හී ප්‍රධාන විධායක නිලධාරි මයිකල් ඕ සලිවන් මහතා මෙසේ පැවසුවේ ය. ‘කේම්බ්‍රිජ් පාසල් සම්මේලනය, කේම්බ්‍රිජ් පාසල්වල ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට එකට එක්ව විශ්වාසී, වගකිව යුතු, මනා සිහියෙන්යුතු, නව්‍ය මෙන් ම කැපවුණු ශිෂ්‍යයන් බිහි කිරීමෙහිලා හොඳ භාවිතයන් සහ ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ දැනුම බෙදා ගැනීම සඳහා සුවිශේෂී අවස්ථාවක් පිරිනමයි. එකිනෙකා හඳුනාගැනීම සහ ඉගැන්වීමේ අවස්ථාවන් හරහා සහභාගීවන්නන්ගේ වෘත්තීය භාවිතයන් වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම සම්මේලනය නිර්මාණය කර ඇත. මෙම ගුරු වෘත්තිකයන් එක්වීම, කලාප අතර අදහස් සහ දර්ශනයන් හුවමාරු කර ගැනීමෙහිලා මෙන් ම අපගේ ලොව පුරා ව්‍යාප්තව පවතින කේම්බ්‍රිජ් ජාලය පුරා නව්‍ය අදහස් පැතිරවීම සහතික කිරීමෙහිලා පසුබිම සපයනු ඇත.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]