කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නොරිටාකේ සභාපති ශ්‍රී ලංකාවේ චාරිකාවක

නොරිටාකේ සභාපති ශ්‍රී ලංකාවේ චාරිකාවක

ජපානයේ සීමාසහිත නොරිටාකේ සමාගමේ අධ්‍යක්ෂ / කළමනාකාර විධායක නිලධාරි කොසෝ කටෝ, සීමාසහිත නොරිටාකේ ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි සහ වෙළෙඳ කළමනාකරු කුමාර වික්‍රම, ජපානයේ සීමාසහිත නොරිටාකේ සමාගමේ සභාපති හිටෝෂි ටනෙමුරා, සීමාසහිත නොරිටාකේ ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ යොෂිනාරි ෂිමායා යන අය.

ජපානයේ සීමාසහිත නොරිටාකේ සමාගමේ සභාපති හිටෝෂි ටනෙමුරා මහතා නොබෝදා ජපානයේ සීමාසහිත නොරිටාකේ සමාගමේ අධ්‍යක්ෂ / කළමනාකාරණ විධායක නිලධාරි කොසෝ කටෝ මහතා සමඟ ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත විය.

කොළඹ ගත කළ කෙටි කාලය තුළ ටනෙමුරා මහතා සීමාසහිත නොරිටාකේ ලංකා පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ යොෂිනාරි ෂිමායා ඇතුළු එම සමාගමේ කොළඹ කළමනාකාරත්වයේ නිලධාරීන් මුණගැසී ශ්‍රී ලංකාවේ නොරිටාකේ සමාගම අත්කර ගෙන ඇති ප්‍රගතිය සහ එම සමාගමේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයක යෙදුණේය.

නොරිටාකේ සමාගමේ දකුණු ආසියාවේ ප්‍රධාන අලෙවි ප්‍රදර්ශනාගාරය වන කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි වෙළෙඳ සැල නැරඹීම ද ඔහුගේ කාර්ය බහුල වැඩසටහනට ඇතුළත් විය. ධර්මපාල මාවත සහ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ ඉඩපහසුකම් සහිතව මහල් තුනක පිහිටි මෙම අලෙවි ප්‍රදර්ශනාගාරය හොඳින් කැපී පෙනෙයි.

‍ටනෙමුරා මහතා නොබෝදා ශ්‍රී ලංකාවේ ඓතිහාසික චාරිකාවක යෙදුණු ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා සමඟ මෙහි පැමිණි ජපානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසේ සාමාජිකයෙක් විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]