කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මල්ටිලැක් පාරිභෝගිකයන්ට නෞකා චාරිකා

මල්ටිලැක් පාරිභෝගිකයන්ට නෞකා චාරිකා

මැක්සන්ස් පේයින්ට් හි සාමාන්‍යාධිකාරි රමේෂ් පෙරේරා විසින් පාරිභෝගික නිසාම් කිචිල් වෙත සහභාගීත්ව සහතිකය පිරිනමමින්.

සිය පාරිභෝගිකයින් හට අපූරු අත්දැකීමක් හිමි කර දෙමින් ‘මල්ටිලැක් කෘස් සවාරි’ හි තවත් වැඩසටහන් වාරයක් මෑතකදී දියත් කරනු ලැබීය. මෙවර මල්ටිලැක් පාරිභෝගිකයින් 34 දෙනෙක් වෙනුවෙන් සංවිධානය කර තිබූ සුපර් ස්ටාර් ජෙමිනි නෞකාවේ චාරිකාව ඔවුන්ට විනෝදබර දින තුනක් හිමි කර දුන්නකි. කුසපත් ඇදීමකින් තෝරාගත් මෙම පිරිසට මෙවන් සුඛෝපභෝගී චාරිකාවක් හිමිකර දෙන්නට සමාගම පියවර ගත්තේ මල්ටිලැක් වෙත පාරිභෝගිකයින් නිරන්තරයෙන් දක්වන හිතෛශී බවට උපහාරයක් ලෙසිනි. වෙළඳ පොළ තුළ ප්‍රමුඛ පෙළේ තීන්ත නිෂ්පාදකයෙක් ලෙසින් රැඳී සිටීමට මල්ටිලැක් සමත් වී ඇත්තේ පාරිභෝගිකයින් අතර දිනාගෙන ඇති විශ්වාසය නිසාය.

මෙම අපූරු අත්දැකීම විඳීමට නොඉවසිල්ලෙන් බලා සිටි මෙම ජයග්‍රාහකයින් පිරිසට සිංගප්පූරුවේදී උණුසුම් පිළිගැනීමක් ලබා දීමට මල්ටිලැක් නියෝජිතයින් කටයුතු කර තිබුණි. ඉන්පසුව එම සුපිරි නෞක‍ාවේ අපූර්වත්වය දැක බලා ගැන්මට ඔවුන්ට අවස්ථාව උදා විය. රසමසවුළුවලින් රසවත් වෙමින් නෞකාව තුළ සුවපහසුව අත්විඳි ඔවුන්ට එය සිය දිවියේ අමරණීය සැමරුමක් ලෙසින් මතකයේ රැ‍ඳෙනු නොඅනුමානය. එහි නාවිකයින් විසින් සංවිධානය කර තිබූ විවිධ රසවත් අංගයන් නිසා නෞකාව තුළ ගත කළ සෑම මොහොතක්ම ඉතාම විනෝදවත් වුණි.

කුඅන්ටන් නගරය කරා යාත්‍රා කළ දෙවන දිනයේ දී අපූරු නගර චාරිකාවක සහ සාප්පු සවාරියක චමත්කාරය අත්විඳීමට සහභාගීවූවන්ට අවස්ථාව සැලසුණි. එසේම කදිම සාප්පු සවාරියක යෙදීමට අවස්ථාව උදා කර දෙමින් මල්ටිලැක් විසින් සියලු දෙනා හට සිංගප්පූරු ඩොලර් 250 බැගින් ලබා දී තිබුණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]