කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හොඳම රක්ෂණ සමාගමට හිමි වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනයි

හොඳම රක්ෂණ සමාගමට හිමි වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිව් වන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම රක්ෂණ සමාගම වශයෙන් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය හිමිකර ගත්තේය. මෙවර වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය සාමාන්‍ය රක්ෂණ අංශය වෙනුවෙන් හිමිකර ගැනීම සුවිශේෂත්වයකි.

මෙම සම්මාන ප්‍රදානය කිරීම එක්සත් රාජධානි‍යේ ලන්ඩන්හි වර්ල්ඩ් ෆයිනෑන්ස් සඟරාව මඟින් කරන සමීක්ෂණයකින් සිදු ‍ෙකරේ. එම සම්මාන ප්‍රදානය කිරීමට රක්ෂණ ආයතනයෙන් ප්‍රාග්ධන වෙළෙඳ පොළ අවදානම් පාලනය අලෙවි තාක්ෂණය ආයතනික පරිපාලන ව්‍යූහය යන අංශයන් ගැන ඉතාම සූක්ෂ්ම ලෙස පූර්ණ සමීක්ෂණයට භාජනය කරන අතරම දේශීය වෙළෙඳ පොළ සහ ආසියාතික වෙළෙඳ පොළ මෙන්ම ලතින් ඇමෙරිකා ජාත්‍යන්තර වෙළෙඳ පොළ කෙරේද දක්වා ඇති සැලකිල්ල ගැන විශේෂ අවධානය යොමු කෙරේ. මෙම සම්මාන ප්‍රදානය කිරීමේ දී ශ්‍රී ලංකා රක්ෂණ ආයතන සමඟ ඒ ඒ ආයතන දරන ක්ෂේත්‍රයේ දායකත්වය වෙන වෙනම සහ කණ්ඩායම් සාමූහික භාවය අලෙවි කටයුතු වලදී ලබාගෙන ඇති ඇගයීම් සම්මාන සහ වෙළෙඳපොළ ස්ථාවරත්වය ද සැලකිල්ලට භාජනය කෙරේ. වර්ල්ඩ් ෆයිනෑන්ස් සංවිධානය මඟින් ස්වාධින මණ්ඩලයක් මඟින් අනෙකුත් රක්ෂණායතනවල පළපුරුද්ද සහ උසස් තත්ත්වයෙන් යුතු නව නිර්මාණ සකස් කර ඉදිරිපත් කිරීම මෙම වෙ‍ෙළඳ සංවර්ධන කටයුතු මෙම සමීක්ෂණයේ දී විශේෂ අවධානයට ලක්කර ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය 2014 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත පිරිනමා ඇත්තේ ඉතාම ස්වාධීන ජාත්‍යන්තර උසස් තත්ත්වයේ මණ්ඩලයකින් ස්වාධීන විනිශ්චයක් ලබා දෙමින් බව ද පැවසීය. මෙම සම්මානය ලබාගැනීමෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මූල්‍ය ස්ථාවරත්වය රක්ෂණ ක්ෂේත්‍රයේ උසස් භාවය මෙම පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන නව නිපැයුම් සහ තරගකාරීත්වයට මුහුණ දීමට හැකිවන අයුරින් ඉදිරිපත් කර ඇති නව රක්ෂණ යෝජනා ක්‍රම උසස් භාවය තවදුරටත් තහවුරු වී ඇති බව කීය.

රක්ෂණ ක්ෂේත්‍රයේ පවතින තරගකාරිත්වයට සරිලන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි අයුරින් අභිවෘද්ධිය කරා ගමන් කරන බව ද පැවසූ කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ රට සංවර්ධනය කර ගෙනයාමේ වැඩ පිළිවෙළ යටතේ ආරම්භ කර ඇති දැවැන්ත ව්‍යාපෘතිවල ජාතික රක්ෂණ කරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කටයුතු කරන බව ද එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉලක්කය සහ දැක්ම වන්නේ බහුජාතික සමාගම් සමඟ තරගකාරිත්වයට මුහුණ දීමට අප ආයතනය සකස් කර ඇති බව ද තවදුරටත් පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]