කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
තරුණ සේවකයන්ගේ දක්ෂතා ආයතනයේ දියුණුවට යොදාගැනීමේ වැඩපිළිවෙළක්

තරුණ සේවකයන්ගේ දක්ෂතා ආයතනයේ දියුණුවට යොදාගැනීමේ වැඩපිළිවෙළක්

තම ආයතනයේ සේවය කරන තරුණ පරපුරේ අදහස් හා දක්ෂතා ඉස්මතු කරමින් එම හැකියාවන් ආයතනයේ දියුණුව සඳහා ප්‍රයෝජනයට ගැනීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සන්ෂයින් සමූහ ව්‍යාපාරය හා වටවල වැවිලි සමාගම ආරම්භ කර ඇත.

ආයතනයේ පළපුරුදු සේවකයින් මෙන් ම නවකයන් සම්බන්ධ කර විවාදාත්මක වැඩසටහනක් ලෙස පවත්වන මේ තුළින් මතුවන වැදගත් තීරණ හා යෝජනා සන්ෂයින් සමූහ ව්‍යාපාරයේ හා වටවල වැවිලි සමාගමේ දියුණුව උදෙසා යොදා ගැනීමේ අදහස් කරන බව ප්‍රධාන විධායක නිලධාරී ඩෑන් සිවරත්නම් මහතා පවසයි.

අභ්‍යන්තර කලාපීය ප්‍රථම විවාදය සන්ෂයින් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාම මහතා, වටවල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඩෑන් සිවරත්නම් මහතා සහ සමාගමේ අනෙකුත් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

එහිදී ආයතනයේ සාමාන්‍යාධිකාරී හා මානව සම්පත් කළමනාකාර ටෝනි අල්මේදා ප්‍රකාශ කළේ තරුණ පරපුර විවාදය ඉතා සාර්ථක අන්දමින් පැවැත්වූ බවයි. දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීම නිසා උණුසුම් විවාදයක් පැවති අතර එහිදී ජයගත් විරුද්ධ පාර්ශ්වය තවතවත් දිරිමත් කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කළ කරුණු ආයතනයේ දියුණුවට ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]