කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දීවා ඉඩමේ වාසනාවේ මෙවර රන් කාසිත්

දීවා ඉඩමේ වාසනාවේ මෙවර රන් කාසිත්

මේ වසරේදී ‘දීවා ඉඩමේ වාසනාව’ ප්‍රවර්ධන වැඩසටහන මැයි මස සිට අගෝස්තු දක්වා ක්‍රියාත්මක වූ අතර මෙවර වාසනාවන්තයන් පස් දෙනෙකුට කොළඹට නුදුරින් ඉඩම් හිමි කර ගැනීමට හැකි විය. උදුබැද්දාවේ නිසන්තා වීරසිංහ, බෙරලපනාතන සමීර සම්පත්, තල්පේ පී.එච්. චන්ද්‍රා, කොටුගොඩ සිසිර ආනන්ද පෙරේරා සහ දිගන ආර්.පී.ඩී. රාජපක්ෂ එලෙස මිලියනය බැගින් වූ බිම් කොටස්වලට හිමිකම් කීහ. වසරින් වසර වැඩි ජයග්‍රාහකයන් පිරිසක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව දීවා, මෙවර දිනපතා රු. 10000 බැගින් වූ මුදල් ත්‍යාග වලට අමතරව, වාසනාවන්තයන් 18 දෙනෙකුට සතිපතා රන්කාසි පිරිනැමීමට ද කටයුතු කළේ ය.

“ගෘහිණියක් විදියට මම එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේදී, ගෙවන මුදලට සරිලන ඉස්තරම් ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ තෝරා ගැනීමට නිතරම කල්පනාකාරී වෙනවා. මම දිවා තෝරා ගන්නේ ඒ නිසයි. දිවා නිසා කාලයත්, ශ්‍රමයත්, මුදලත් ඉතිරි කර ගැනීමට හැකි වුණා. අද මට දිවා වෙතින් හිමි වුණේ අනිත් හැම දේකට ම වඩා වටිනා ත්‍යාගයක්. දීවා තෝරා ගැනීමෙන් මම නිවැරදි තීරණයක් ගත් බව අද තවදුරටත් සනාථ වුණා.” දීවා වෙතින් වටිනා බිම් කඩක් හිමි කර ගත් උදුබැද්දාවේ නිසන්තා වීරසිංහ මහත්මිය පැවසුවා ය.

“පසුගිය වසර හතර පුරා දිවා කොළඹට නුදුරින් ඉඩම් 16 ක් ජනතාවට හිමි කර දී තිබෙනවා. අපගේ පාරිභෝගික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මෙලෙස දායක වීමට ලැබීම පිළිබඳ අප ඉතාම සතුටු වනවා. හේමාස් සමාගමේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනට ලැබුණු ලක්ෂ ගණනක කූපන්පත්වලින් අප සමාගමක් විදියට කෙතරම් ජනතා ප්‍රසාදයට ලක්ව තිබෙනවා ද යන්න මනාව පැහැදිලි වුණා” හේමාස් සමාගමේ දීවා සන්නාම කළමනාකාර ශානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

2015 වසරේදීත් මෙම අගනා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දීවා සූදානමින් සිටිනා බව හේමාස් සමාගම කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]