කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සෙලින්කෝ ලයිෆ් සෞභාග්‍යා අලුත් වෙයි

සෙලින්කෝ ලයිෆ් සෞභාග්‍යා අලුත් වෙයි

වර්තමානයේ වෙනස් වෙමින් තිබෙන අවශ්‍යතාවයන්ට සහ කාන්තාවන් මුහුණ දෙමින් සිටින අභියෝගයන්ට ගැළපෙන පරිදි සිය ජනප්‍රිය කාන්තා රක්ෂණාවරණය වන ‘සෞභාග්‍යා’ රක්ෂණ සැලසුම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් වැඩිදියුණු කරමින් එළි දක්වා ඇත.

මෙම සුවිශේෂී රක්ෂණ සැලසුම ආයෝජනය හා සබැඳි ජීවිත රක්ෂණාවරණයකි. මෙම සැලසුම මඟින් පුළුල් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන අතර ම වසර හතරකට වරක් රක්ෂිතයාට මුදලක් ලබා ගැනීමේ අවස්ථාවත් කල්පිරීමේදී ආකර්ෂණීය වටිනාකමක් ලබා ගැනීමේ අවස්ථාවත් හිමි වේ. මීට අමතරව, අසාධ්‍ය රෝගාබාධ, රෝහල් ගත කිරීම් සහ ශල්‍යකර්මවලදී රක්ෂණ සැලසුම මඟින් ආවරණය ලබා දෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]