කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
එස්සීකේ ක්‍රිකට් ජය Clairians පිලට

එස්සීකේ ක්‍රිකට් ජය Clairians පිලට

එස්සීකේ සමූහ ව්‍යාපාරයේ සභාපති දයාපාල හේවාතැන්න, කළමනාකාර අධ්‍යක්ෂ සුරාජ් කතුරුසිංහ, පරිපාලන අධ්‍යක්ෂිකා සුමුදු අබේරත්න, ව්‍යාපාර ප්‍රවර්ධන අධ්‍යක්ෂ සුමේධ ප්‍රනාන්දු ඇතුළු සමූහයේ සේවක මණ්ඩලය ජය සංකේත පිරිනැමීමෙන් අනතුරුව.

ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන එස්සීකේ සමූහ ව්‍යාපාරයේ පාලනාධිකාරිය හා සේවක සේවිකාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිව සංවිධානය කළ වාර්ෂික ක්‍රීඩා තරගාවලිය පසුගිය දා මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සේවක මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන් සඳහා ද සංවිධානය කළ තරග රැසකින් ක්‍රීඩා උලෙළ වර්ණවත් විය.

“Savings, Clairians සහ Kennedians යන කණ්ඩායම් අතර පැවැති ක්‍රිකට් තරගාවලිය විශේෂයෙන් කැපී පෙනිණි. ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය “Clairians” පිල අත්පත් කර ගත් අතර අනු ශූරතාවය “Savings” පිලට හිමි විය. ජයග්‍රාහී Clairians පිල ශෙහාන් අබේරත්නගේ නායකත්වයෙන් මෙහෙයවූ අතර හොඳම ලකුණු වාර්තා කරන ලද්දේ මුතුහර ජයලත් විසිනි. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද්දේ තුවාන් ශිරාස් වන අතර හොඳම පිතිහරඹය මලිත් ප්‍රභාත් සතු විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]