කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හච් ආයතනයෙන් රෝහල් 8කට රෝගීන් කළමනාකරණ පද්ධති

හච් ආයතනයෙන් රෝහල් 8කට රෝගීන් කළමනාකරණ පද්ධති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකරමින් පසුගිය ඔක්තෝබර් මාසයේ දී රෝගීන් කළමනාකරණ පද්ධතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස හච් ටෙලිකොම් ආයතනය ක්‍රියාවට නැංවීය. මෙය උසස් මට්ටමේ රෝගීන් කළමනාකරණ පද්ධතියක් පමණක් සේම දත්ත රැස්කිරීම් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් සිදු කළ සුවිශේෂී පියවරක් ද වේ. නව දරු උපත් සහ ළමා රෝග යන ක්ෂේත්‍රයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ එම ව්‍යාපෘතියෙන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත් අතර එකී සත්කාරය තවදුරටත් පුළුල් කරමින් නොවැම්බර් මාසයේ දී හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිවු, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන රෝහල්වල රෝගීන් කළමනාකරණ පද්ධති පිහිටුවීමට නියමිතය.

ඒ පිළිබඳව අදහස් දක්වන හච් ටෙලිකොම් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා “උතුරු දකුණු නැ‍ඟෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවට අප හඳුන්වාදෙන මෙම, රෝගීන් කළමනාකරණ පද්ධතියෙන් ඉමහත් සේවාවක් සිදුවෙනවා. මෙය සත්තකින්ම ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍යය තත්ත්වය වඩාත් සාර්ථක කරනු ඇත. මෙම රෝගී කළමනාකරණ පද්ධතියෙන් අලුත උපන් ළදරුවන් සහ දහස් සංඛ්‍යාත දරුවන් පිරිසකට සෙත සැලසෙනවා. මෙවන් සුවිශේෂී සත්කාරයක් ක්‍රියාවට නැංවීමට හැකිවීම සැබැවින්ම අපට ආඩම්බරයක්” යනුවෙන් පවසා සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]