කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි රමාල් ජාසිංහ මහතා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් රණසිංහ මහතා වෙත බුහුමන් රක්ෂණාවරණය ප්‍රදානය කළ මොහොත.

රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන් මෙරට ආර්ථිකයට දැක්වූ දායකත්වය අගයනු පිණිස, ජාතික විශ්‍රාමිකයන්ගේ දිනයට සමගාමීව සංවිධානය කරන ලද සැමරුම් උත්සවය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳ ගැනීමට ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගම පසුගියදා කටයුතු කළේ ය. එම උත්සවයේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සුනිල් රණසිංහ මහතා රටට ඉටුකළ මහඟු සේවාව වෙනුවෙන් ඔහුට කෘතගුණ සැලකීමක් ලෙස ඔහුට ඒෂියන් එලායන්ස් බුහුමන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ප්‍රදානය කරන ලදී.

රජයේ සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයන්ට ඉතා හොඳින් ගැ‍ළපෙන රක්ෂණාවරණයක් වන එය ඔවුන්ගේ විශ්‍රාම දිවිය සැහැල්ලුවෙන් හා සුවයෙන් ගත කිරීමේ අවස්ථාව සලසා දීම වෙනුවෙන් ම සැලසුම් කර ඇත. පෞද්ගලික අනතුරු ආවරණය, රෝහල්ගත වීමේ ආවරණය, අවමංගල්‍ය වියදම් ආවරණය සහ බරපතල රෝගාබාධ ආවරණය යනාදී අංශවලින් එය සමන්විත වන අතර රක්ෂිතයාගේ ආර්ථික තත්ත්වයට ගැලපෙන පරිදි සැලසුම් වර්ග 3 ක් අතරින් තමන් කැමැති සැලසුම තෝරාගත හැකි පරිදි සකස් කර තිබේ.

අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු විශ්‍රාමික දින සැමරුම් උත්සවයේදී පැවති ‘බුහුමන් ගී මියැසිය’ ගී ප්‍රසංගය සඳහා මෙරට කැපී පෙනෙන කලාකරුවන් වන අමරසිරි පීරිස්, ත්‍යාගා එන්.එඩ්වඩ්, ටී.එම්. ජයරත්න වැනි ගායක ගායිකාවෝ සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]