කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගි වූ විවිධ උත්සව අවස්ථා කැමරා ඇසින්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගි වූ විවිධ උත්සව අවස්ථා කැමරා ඇසින්

මැදමූලන නිවෙසේදී දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතා සිහිපත් කර පැවැත්වූ පින්කමේදී උඩුවේ ධම්මාලෝක හිමියෝ ධර්ම දේශනය පවත්වති. ජනාධිපතිතුමා ඇතුළු පිරිස මෙහි සිටිති.

අරලියගහ මන්දිරයේ දී පැවැති ඩී‍.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනයට සහභාගි වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ද ආරාධිත අමුත්තෝ දිවංගත රාජපක්ෂ මහතාගේ ගුණ සිහිපත් කළ මොහොත.

විදේශ රැකියා නියෝජිතයන්ට තරු සම්මාන ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී ප්‍රථම වරට තරු පහ සම්මානය දිනාගත් එමරල්ඩ් අයිල් මෑන් පවර් රැකියා නියෝජිත ආයතනයේ හිමිකරු හේමන්ත සපුමොහොට්ටි මහතාට ජනාධිපතිතුමා සමිමානය පිරි නමයි. ඩිලාන් පෙරේරා ඇමැතිවරයාද මෙහි සිටී.

ජනාධිපති නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා නිදහස් චතුරස්‍රයේදී පවත්වන ලද ‘රටක දැක්ම’ සේයාරූ දැක්මේදී ගන්නා ලද ඡායාරූප එකතුව අඩංගු පොත ජනාධිපතිතුමා වෙත පිළිගන්වයි.

හදවත් රෝගීන් වෙනුවෙන් ශ්‍ර‍‍ී ජයවර්ධනපුර රෝහලේදී ඉකුත් දා පැවැති උත්සවයේදී අරමුදලක් පිහිටුවීම සඳහා නිෂ්පාදනය කරන ලද පිංකළ ඇත්තෝ සංයුක්ත තැටියට ගී ගැයූ ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද නන්දා මාලනි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය සමඟ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]