කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පළාත් සභාවලට මිලියන 7000ක් වෙන්කිරීම ඉතා වැදගත්

පළාත් සභාවලට මිලියන 7000ක් වෙන්කිරීම ඉතා වැදගත්

- බස්නාහිර මහ ඇමැති

මෙවර අයවැයෙන් පළාත් සභාවලට මිලියන හත් දහසක මුදලක් වෙන් කිරීමත්, පළාත් සභා මඟින් ඉටු කරන සේවාව වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමත් අනාගත අභිවෘද්ධියට හේතුවනු ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූයේ බස්නාහිර පළාත් සභාව මඟින් සංවිධානය කළ මහජන ගැටලු විසඳීමේ විශේෂ ජංගම සේවාව ඔක්තෝබර් 25 වැනිදා දවසපුරා කළුතර මහා විද්‍යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදීය. මෙම ජංගම සේවා සැලසුම් කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත බව ද එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹට පැමිණීමට අපහසුවෙන් සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු විසඳීම මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කිරීමේ අරමුණ බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු සියලුම ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]