කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සඳහිරු සෑයට ගඩොල් ලක්ෂ 260 ක්

සඳහිරු සෑයට ගඩොල් ලක්ෂ 260 ක්

අනුරාධපුරයේ රුවන්වැලිසෑය අසල ඉදිවන සඳහිරු සෑය වෛත්‍යය ඉදිකිරීමට ගඩොල් ලක්ෂ 260 ක් අවශ්‍ය බව යුද හමුදාවේ 9 වැනි ඉංජිනේරු බළකාය පවසයි. රුවන්වැලි සෑයට වඩා අඩි 18 ක් අඩුවෙන් අඩි 281 ක් ඉදිවන මේ සඳහිරු සෑයේ අත්තිවාරම අඩි 45 ක් පමණ යටට කෘතිම කළුගලක් ලෙස ‍සාදා ඇත. භාවිත කළ කළුගල් ප්‍රමාණය කියුබ් 6450 කි.

ඒ සඳහා නිධන් වස්තු 23 වැනිදා දක්වා අනුරාධපුරයේ රුවන්වැලි සෑය අසල පිහිටි කාර්යාලයට බාරදීමට පුළුවන. චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය ඕනෑම අයකුට ශ්‍රම දායකත්වය දීමට හැකි බව ද යුද හමුදාවේ 9 වැනි ඉංජිනේරු සහ රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරු පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]