කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රටවිරුවන්ගෙන් 2020 දී ඩොලර් බිලියන10 ක්

රටවිරුවන්ගෙන් 2020 දී ඩොලර් බිලියන10 ක්

ශ්‍රී ලංකාවෙන් පිටරට රැකියාවලට යවන රටවිරුවන් වසර 2020 වන විට රටට ලබා දෙන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රට රැකියාවල නියැළෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 17 ක් පමණ වන අතර මේ වර්ෂය වෙනුවෙන් ඔවුන් මෙරටට එවන ලද මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙන බවත් වසර 2016 වන විට මේ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා කීය.

කොටස් වෙළෙඳපොළ හා සෘජු ආදායමට වඩා පිටරට රැකියාවල නිරත අපේ ශ්‍රමික රටවිරුවන් රටට ලබා දෙන ආදායම අප සියලු දෙනා සලකන්නේ වටිනා සම්පතක් ලෙස යයි ද මෙවර අයවැයෙන් රටවිරුවන් ගැන ද සලකා බලා ඔවුන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුකර තිබීමත් තවත් සහන ලබාදීමටත් යෝජනා කිරීමත් වැදගත් යයි ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]