![]() ![]() |
||
යාපනයට තවත් රාත්‍රි දුම්රියක් මහනුවරින් යාපනයටත් දුම්රියක්දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වරට මහනුවර සහ යාපනය අතර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට කටයුතු යොදා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා ‘සිළුමිණ’ ට කීය. මෙම දුම්රියට අමතරව අධික මඟී ඉල්ලුම නිසා කොළඹ සහ යාපනය අතර තවත් රාත්‍රි ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට ද කටයුතු යොදන බව සාමාන්‍යාධිකාරිවරයා කීය. එම දුම්රිය සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනවල කොළඹින් ධාවනය වන අතර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා ඉරිදා යාපනයෙන් කොළඹට පැමිණේ. කොළඹින් රාත්‍රි 7.45 ට ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියට අමතරව රාත්‍රි 10.00 ට නව දුම්රිය ධාවනය කරනු ලබන අතර එය පසුදින උදෑසන 6.55 ට යාපනයට ළඟාවේ. යාපනයෙන් රාත්‍රි 8.40 ට පිටත්ව උදෑසන 5.30 ට කොළඹ කොටුවට ළඟාවේ. මෙම දුම්රියේ දෙවන පන්තියේ ආසන වෙන් කරවා ගත හැකි ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |