![]() ![]() |
||
රනිල් - සජිත් හවුල බලවත්වෙයිඑජාපයට පිටින් ආ අයට කැපිලිඑක්සත් ජාතික පක්ෂය තුළ රනිල් - සජිත් එකතුව තවදුරටත් තහවුරුවෙමින් තිබෙන තත්ත්වයක් තුළ පක්ෂ මාරු කළ හා වෙනත් පක්ෂවලින් එජාපයට එකතුවූ මන්ත්‍රීවරුන් මුළුමනින් ම නොසලකා හරින තත්ත්වයක් මතුවී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග පවසයි. තමන් උපන් යූඇන්පී කාරයන් බව කියන රනිල් - සජිත් එකතුවට ආවඩන මන්ත්‍රීවරු හා ඔවුන්ගේ උදව්කරුවන් පිට පක්ෂවලින් පැමිණි මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණ ගැනීමට එක් කර නොගත යුතු බවත් පක්ෂය තුළ වැදගත් තීරණ ගැනීම පාරම්පරිකව එජාපය තුළ සිටින ප්‍රබලයන් සතු වගකීමක් බවත් පෙන්වා දී ඇත. අලුත් තත්ත්වය තුළ එජාපයේ මේ නොසලකා හැරීමට ලක්ව ඇත්තේ මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, රවී කරුණානායක හා කරු ජයසූරිය යන මන්ත්‍රීවරු වෙති. රනිල් - සජිත් එකතුව බලවත් වීමත් සමඟ එජාප නායකත්ව මණ්ඩලය සම්පූර්ණයෙන් අක්‍රියවී එහි සභාපති කරු ජයසූරිය මහතාට ද යන එන මං නැති තත්ත්වයක් උදාවී ඇති අතර පක්ෂයේ සියලු තීරණ ගැනීම රනිල් - සජිත් හවුල අතට පත්ව ඇතැයි එම මණ්ඩලයේ ප්‍රබලයෙක් කියා සිටියේ ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |