![]() ![]() |
||
ශ. ව. 1936 ක්වූ තුලා රවි 16 භාග ඉල් මස පුර දසවක තිථිය ලත්
නොවැම්බර් මස 02 වැනි ඉරිදා සිට 08 වැනි ශනිදා දක්වා...
අනාගත අභිවෘද්ධිය උදෙසා ගනු ලබන කිසියම් තීරණයක් පිළිබඳව වැඩිහිටි අය සමඟ සාකච්ඡාවේ යෙදෙන්නට ඉඩ සැලැසේ. ඉක්මනින් අදහස් වෙනස් වීම හා සිත එක් අරමුණක නොතිබීම නිසා අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ. ඉදිකිරීම් කටයුතු කරන සේවකයන් සමඟ වාද විවාදවලට පටලැවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. අධ්‍යාපන සම්මන්ත්‍රණ හෝ වැඩමුළු ආදියට සහභාගිවීමට ඇරැයුම් ලැබේ. අමනාප වුණු පවුෙල් සාමාජිකයකු නැවත පැමිණීමට ඉඩ ඇත.
ජය අංකය - 7 රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගෙන් ඇගැයීමට භාජනය වෙයි. දෛනික ආදායම් උපයන්නන්ට දැඩි ලෙස වෙහෙස වීමට සිදු වේ. කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට වගා හානිවලට මුහුණ පෑමට සිදු වෙයි. වැඩිහිටි උපස්ථානය වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වෙයි. මූල්‍ය ආයතන සමඟ ගිවිසුම්වලට එළැඹීමේ ඉඩකඩ මතු කරයි. කාලයක් පැවැති ප්‍රේම සම්බන්ධතාවකට වැඩිහිටි අය සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකි වෙයි. පුරා විද්‍යාව හෝ ගවේෂණ කටයුතුවල යෙදෙන අයට වටිනා තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 2
කාලයක් කරගෙන ආ රැකියාවෙන් ඉවත් වී වෙනත් රැකියාවකට ඇතුළත් වීමට හෝ තමාගේම ව්‍යාපාර කටයුත්තක් ගොඩනැඟීමේ කාර්යයකට පිවිසීමට ඉඩ තිබේ. වෛද්‍ය හෝ ගුරු වෘත්තියේ යෙදෙන අයට රැකියාවෙන් පරිබාහිරව කරන කටයුතුවලට චෝදනා එල්ල වීම වැඩි වේ. රාජකාරි කටයුතුවල වගකීම් අධිකව යෙදේ. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් හෝ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් බැහැරව සිටීමට සිදු වේ. ඉඩමක් සම්බන්ධයෙන් ඔප්පු නිරවුල් කර ගැනීමකට වෙහෙස වීමට ඇති ඉඩ වැඩි වේ. කලක් පැවැති අසනීප තත්ත්වයක් සුව අතට පත් කැර ගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදේශ ලබා ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 5 ආදායම් ලැබීම් අතින් ඉතා යහපත්ය. සුළු ව්‍යාපාරවල නිරත අයට ඒවායේ වඩා පුළුල් අයුරින් නිරත වෙමින් නව මුහුණුවරකින් ඇරැඹීමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි. රැකියා ස්ථානයේ පැවැරුණු වගකීම් හොඳින් නිම කිරීම නිසා උසස් නිලධාරීන්ගේ අවධානය යොමු වන අතර එය වැටුප් වර්ධකයකට ද මහෝපකාරී වෙයි. විවාහ යෝජනා කිහිපයක් අතුරින් එකක් පිළිබඳ එකඟතාවකට පැමිණීමට අවස්ථාව උදා වේ. කාලයක් සිත් අමනාපයෙන් සිටි අයකු සමඟ සුහදතාව වර්ධනය කැර ගැනීමට හැකි වෙයි. විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදු වෙයි.
සුබ දවස - බ්‍රහස්පතින්දා
ප්‍රබෝධවත් අයුරින් සතිය ආරම්භ වෙයි. බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට හැකි වෙයි. ඉතා ආදරයෙන් කාලයක් පුරා ආරක්ෂා කළ වටිනා භාණ්ඩයක් අස්ථානගත වීමට ඉඩ තිබේ. තැන්පත් ධනය වියදම් වන කටයුතු කීපයක් හදිසියේ මතු වීමට ඉඩ තිබේ. විදේශ ගතවීමට තිබු බලාපොරොත්තුවක් කල් දැමීමට හේතු කාරණා මතු කෙරේ. නර්තන සහ සංගීත ආදි අංශයන්ගෙන් දියුණුවක් අත්කර දෙන අතර කලා කටයුතුවල නිරත අයට සිය ආර්ථිකය දියුණු කැර ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 3 නව රැකියා පිළිබඳ තැබු බලාපොරොත්තු සාර්ථක වෙයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ අත්කර ගත හැකි වේ. විදේශ රැකියා සඳහා අයදුම් කළ අයට ඒ පිළිබඳ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබේ. හිතවත් බව පෙන්වමින් ළඟින් ඇසුරු කරන අය පිළිබඳ සැලැකිලිමත් වන්න. ඔබගේ අඩුපාඩු පිළිබඳ විවේචන සිදු කිරීමේ වැඩපිළිවෙළක් ගැන අසන්නට ලැබේ. කෘෂිකර්ම කටයුතුවලට අවශ්‍ය වාහනයක් මිලදී ගැනීම සඳහා අයදුම් කළ බැංකු ණයක් සාර්ථක ලෙස අනුමත කර ගැනීමට මේ සතිය තුළදී හැකියාව ලැබේ. කෙටි ගමන් බිමන් අධික වෙයි.
ජය අංකය - 6 සිතේ සැහැල්ලු බව හීන වීමට කරුණු යෙදේ. දුර බැහැර සිටින දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්නට ලැබේ. අන්‍යයන් සමඟ සංවාදවලට පැටලීමෙන් වැළකී සිටිය යුතුය. ගැටලුවලට මැදිවීමට ඉඩ ඇති බැවිනි. සති අන්තයේ ප්‍රිය සාදයකට සහභාගි වීමට සිදු වෙයි. අවසන් කර ගැනීමට නොහැකි වූ ඉදිකිරීමේ කාර්යයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. කර්මාන්ත සම්බන්ධ හැකියාවන් වර්ධනයට අවශ්‍ය උපදෙස්, වැඩමුළු, ප්‍රායෝගික අත්හදා බැලීම් ආදියට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 1 ගෙදර දොර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකි වෙයි. හදිසි ධන ලාභ, ලොතරැයි දිනුම් පවා හිමි වීමට ඉඩ ඇත. නිවෙසට කොටසක් එකතු කිරීමට හෝ අලුත්වැඩියා කිරිමට අවකාශ සැලැසේ. නිර්මාණ කරණයේ යෙදෙන අයට යහපත්ය. ආදායම් වියදම් සමව පවත්වාගෙන යාමට හැකි වෙයි. සමාජ සේවා කටයුතුවල නිරත අයට යහපත්ය. සමිති සමාගම් ආදියේ නිලතල ලැබීමට ඉඩ ඇත. පවුලේ අය සමඟ දානමය කටයුත්තකට සහභාගි වීමට අවකාශ සැලැසේ. වැඩපිළිවෙළක් සාර්ථක කර ගත හැකි වේ. කටයුතු කිරීමේදී සුළු අතපසු වීම් සිදු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
ජය අංකය - 5 අතිරේක ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. ආර්ථිකයේ යම් සංවර්ධනයක් ඇති කැර ගත හැකිය. වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීම පිළිබදව තිබු සිහිනයක් සැබෑ වේ. ඥාතියකුගෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාරයක් ලබා ගැනීමට හැකි වෙයි. අන් අය කෙරෙහි වැඩි කාරුණික බවක් දැක්වීමෙන් තම කාර්යයන් සඵල බවක් ඇති කැර ගත හැක. ප්‍රේම සම්බන්ධතා පවත්වන අය අතර සුළු මතභේද ඇතිවිය හැක. එම මත ගැටුම් ඉවසීමෙන් යුතුව සමනය කැර ගත යුතුය. ආර්ථික දුෂ්කරතා මතුවිය හැක. පාද ආබාධ, කොන්ද ආශ්‍රිත වේදනා මතුවිය හැක.
ජය අංකය - 4 ලියකියවිලිවලට සම්බන්ධ රාජකාරිවල නිරත වන අයට විවේකය අඩුවීමට ඉඩ තිබේ. විය හියදම් අධික වීම නිසා අතේ මුදල් රැඳීම බෙහෙවින් අඩුවිය හැක. එහෙයින් ඒ පිළිබද වැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුය. හදිසි අනතුරුවලට මුහුණ පෑ හැකි හෙයින් ප්‍රවේශම් සහිතව කටයුතු කළ යුතුය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ජයග්‍රහණ අත්කැර ගත හැකිය. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති කිරීමට අදහස් මතු වෙයි. රාජකාරි කටයුත්තක් ඉටුකර ගැනීම වෙනුවෙන් වෙහෙසකාරී ගමන් කීපයක් යෙදෙන්නට සිදු වෙයි. උගුර ආශ්‍රිත පීඩා සෙම් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇත.
ජය අංකය - 7 ව්‍යාපාර කටයුතුවල නිරත අයට ලාබ ලැබීම් ඉහළ යයි. තැන්පත් ධනයේ වර්ධනයක් ඇති වේ. විසිතුරු භාණ්ඩ මිලදී ගැනීම් කෙරෙහි අවධානය යොමු වෙයි. ඉදිකිරීම් කටයුත්තක් නිමකර ගැනීමට හැකි වෙයි. අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් පහසුකම් සපයා දීමට ඉදිරිපත් වෙයි. පවුලේ අය සමඟ විනෝද සවාරියක් හෝ වන්දනා ගමනකට සහභාගිවීමට ඉඩ ලැබේ. විරුද්ධවාදී මත දරන්නන්ගෙන් චෝදනා එල්ල විය හැක. කෘෂිකාර්මික කටයුතුවල නිරත අයට යහපත්ය. තරග විභාග ආදිය ජය ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 6 තීරණ ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. උපදෙස් පතා පැමිණෙන අය සමඟ සුහද වාතාවරණයක් ගොඩ නැඟේ. ගෘහ ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට හැකි වෙයි. ඇසුරු කරන ඇතැම් අය සමඟ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවිය හැක. රැකියා ස්ථානයේ තරගකාරී තත්ත්වයක් ඇති වුවද එම ගැටලු සාර්ථකව විසඳා ගැනීමට හැකි වෙයි. ගමන් බිමන්වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. රෝගී තත්ත්වයක් ඇතිවිය හැක.
ජය අංකය - 3 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |