කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මයික්‍රොමැක්ස් නව ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන පෙළක්

මයික්‍රොමැක්ස් නව ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන පෙළක්

මයික්‍රොමැක්ස් නවතම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් මෙරට වෙළෙඳපළට හඳුන්වා ‍දී ඇත. මයික්‍රොමැක්ස් ජංගම ජංගම දුරකථන මෙරටට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් එකම නියෝජිතයා වන්නේ මෙට්‍රොපොලිටන් සමාගමයි.‍

නවීන අංග රැසකින් යුතු වුවත් ඉතා පහසු මිලට පාරිභෝගිකයා හට හිමි කර ගත හැකි වීම මෙම නව මාදිලි‍ පෙළෙහි විශේෂත්වයයි. ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මඟින් ලබා දෙන ඉස්තරම් විශේෂාංග අදහා ගත නොහැකි මිලකට අත්විඳීමට මේ මඟින් පාරිභෝගිකයාට හැකිවේ.

“දේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම මාදිලි පෙළ, පහසු මිලට ඇන‍්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන හිමි කර දීම සඳහා මයික්‍රොමැක්ස් වෙතින් හඳුන්වා දුන් අගනා අවස්ථාවකි. අප පාරිභෝගිකයාට තෝරා ගැනීම් රැසක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව මාදිලි සමූහයත් සමඟ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේ තවත් ඉදිරි පියවරක් තැබීමට ඔවුනට හැකිවන බවට අප විශ්වාසය පළ කරනවා.” මයික්‍රොමැක්ස් සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ උප සභාපති අමිත් මතුර් මහතා ප්‍රකාශ කළේ ය.

“ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන පිළිබඳ අප පවත්වාගෙන යන ප්‍රමිතිය නිසා සහනදායි මිලට ඇන්ඩ්‍රොයිඩ් ලෝකයට පිවිසීමට පාරිභෝගිකයාට දොරටු විවර කර දී තිබෙනවා” සීමාසහිත මෙට්‍රොපොලිටන් ටෙලිකොම් ස්ර්විසස් සමාගමේ අධ්‍යක්ෂ සංජීව ආරියරත්නම් මහතා සඳහන් කෙළේ ය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]