කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කඩුවෙල, ජා-ඇල, මතුගමටත් ආපිකෝ ඩේලි සුපර්මාකට්

කඩුවෙල, ජා-ඇල, මතුගමටත් ආපිකෝ ඩේලි සුපර්මාකට්

අර්ධ නාගරික ප්‍රදේශ කරා සිය මෙහෙයුම් පුළුල් කිරීමේ වැඩසටහන යටතේ ආපිකෝ සුපිරි වෙළෙඳ සල් ජාලය විසින් පසුගියදා තවත් ‘ආපිකෝ ඩේලි’ වෙළෙඳ සල් තුනක් විවෘත කරමින් පාරිභෝගිකයින් වෙත තව තවත් සමීප වීමට පියවර ගත්තේය.

නව ශාඛා කඩුවෙල, ජා-ඇල සහ මතුගම යන නගරවල විවෘත කරනු ලැබුවේ එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට ද ආපිකෝ අසමසම සාප්පු සවාරි අත්දැකීම සමීප කරමිනි. විශාල විවිධත්වයකින් යුතු නිෂ්පාදන මාලාවක් සහ තෝරා ගැනීමට ඕනෑ තරම් සන්නාම වලින් පිරුණු දැවැන්ත ආපිකෝ සුපර් සෙන්ටර්ස් ශාඛාවලින් ලබා දෙන ආපිකෝ අද්විතීය සාප්පු සවාරි අත්දැකීමෙන් කොටසක් මෙහිදීත් පාරිභෝගිකයින්ට විඳගත හැකි බව සමාගම කියයි.

අංක 245, කොළඹ පාර, ජා-ඇල ලිපිනයේ පිහිටි ‘ආපිකෝ ‍ෙඩ්ලි’ ශාඛාව විවෘත කරනු ලැබුවේ මිනෝද් ද සිල්වා මහතා සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සමූහ මානව සම්පත් ප්‍රධානී, තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතාගේ සහභාගීත්වයෙනි.

ආපිකෝ ජාලය ‍මේ වන විට ආ‍පිකෝ සුපර්සෙන්ටර්ස් 16ක්, ප්‍රදර්ශනාගාර 29ක් සහ ආපිකෝ ‘ඩේලි සුපර්මාකට්’ 09ක් ලෙස ශාඛා 54කින් සමන්විත වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]