![]() ![]() |
||
සිංහ රෝහල කොටස් නිකුතුවට සූදානම්
සතිය ආරම්භක 27 වැනිදා සඳුදා මිල ඉහළ ගිය සමාගම් අතර ඕවර්සිස් රියලිටි (1510034) පෑන් ඒෂියන් පවර් (1107801) සෙලාන් බෑන්ක් (ඡන්ද බලය රහිත) (1109772) සියෙරා කේබල් (1217205) සන්ෂයින් හෝල්ඩින්ග්ස් (1342387) වැලිබල් (4952329) අමානා බෑන්ක් (1595342) අමානා ටකාෆුල් (2411621) බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් (1425826) පී සී හවුස් (3602426) සමාගම් කැපී පෙනුණි. දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර ඔටෝඩ්‍රොම් (36.70) ඩිමෝ (34.90) සමාගම් කැපී පෙනුණි. මිල පහළ ගිය සමාගම් අතර ෆින්ලෑස් කළම්ඹු (50.00) ඉන්ඩස්ට්‍රියල් ඒ එස් පී එච් (25.10) සමාගම් කැපී පෙනුණි. පසු දින එනම් 28 වැනිදා අඟහරුවාදා ගනුදෙනු යළි ඉහළ ගියේය. ඒ ගනුදෙනු සංඛ්‍යාව 7271 ක් දක්වා ඉහළ යමිනි. දිනයේ මිලියනය ඉක්මවා කොටස් අලෙවි වූ සමාගම් අතර ඇක්සස් ඉංජිනියරින් (1354976) ඩයලොග් (1310452) ජේ. කේ. එම්. (3068455) ලංකා සෙන්චුවරි (WC - 2015) - 3888411 ලංකා අයි ඕ සී (1182172) ඕවර්සිස් රියලිටි (1092905) පෑන් ඒෂියන් පවර් (1591649) පිරමල් ග්ලාස් (4674594) එස් එම් බී ලීසිං (4789647) සෙලාන් බෑන්ක් (ඡන්ද බලය රහිත) - (1089681) ටෝකියෝ සිමෙන්ට් (ඡන්ද බලය රහිත) (1411154), වැලිබල් (3434937) වටවල (1396500) බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් (14054964) සමාගම් කැපී පෙනුණ අතර දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර සිලොන් ටුබැකෝ (12.90) සමාගම කැපී පෙනුණු අතර මිල පහළ ගිය සමාගම් අතර රේණුකා සිටි හොටෙල් (25.00) කැපී පෙනුණි. 29 වැනිදා බදාදා ගනුදෙනු යළි ඉහළ ගියේය. ගනුදෙනු සංඛ්‍යාව දැක්වුණේ 10548 ක් ලෙසිනි. දිනයේ මිලියනය ඉක්මවා ගනුදෙනු අලෙවි වූ සමාගම් අතර ඇක්සස් ඉංජිනියරින් (1729321) ඇක්වී (රයිට්ස්) 5356246, ඩයලොග් (14735477) ජේ. කේ. එච්. (2535850) ලංකා සෙන්චුවරි (WC - 2015) 3319496), ලංකා අයි ඕ සී (2439857) ඕවර්සීස් රියලිටි (2339227) පීපල්ස් ලීසිං (18162499) පිරමල් ග්ලාස් (2523780) සොෆ්ට්ලොජික් (1463348) වැලිබල් (2781895) ඒෂියා සියාකා (1476096) ඔඩෙල් පී එල් සී (1463163) ඒෂියා ඇසට් (1578188) සමාගම් කැපී පෙනුණි. දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර ෂෙර්වොන් (6.50) නුවරඑළිය (93.10) සමාගම් කැපී පෙනුණ අතර මිල පහළ ගිය සමාගම් අතර කොමර්ෂල් ඩිවොලොප්මන්ට් (17.70) සමාගම කැපී පෙනුණි. අයවැයෙන් පසු වෙළෙඳ පොළ ස්ථාවර තත්ත්වයකට පත්වීම ඉදිරියේදී සිදුවනු ඇතැයි ද විශේෂයෙන්ම සිංහ රෝහල තම ප්‍රාථමික කොටස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටීම නිසා මේ වසර නිම වීමට පෙර ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව තවත් සමාගම් කිහිපයක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |