කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ස්වදේශී කොහොඹ, 13 වන වරටත් සබරගමු මහා සමන් දේවාලය ආලෝකවත් කරයි

ස්වදේශී කොහොඹ, 13 වන වරටත් සබරගමු මහා සමන් දේවාලය ආලෝකවත් කරයි

කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් පූජනීයස්ථානයක් වන සබරගමුවේ මහා සමන් දේවාලය 13 වන වරටත් පසුගියදා ආලෝකවත් කෙළේ ය. රත්නපුර මහා සමන් දේවාලයේ වාර්ෂික මහා පෙරහර වෙනුවෙන් පැවැත්වූ එම ආලෝක පූජාව එම සමාගමේ ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක වන ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ යටතේ පවත්වනු ලැබීය.

මෙම රත්නපුර මහා සමන් දේවාලයේ පැවැති ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි/ කළමනාකාර අධ්‍යක්ෂිකා අමරි විජයවර්ධන මැතිනිය පැවසුවේ, වාර්ෂික ආලෝක පූජා සත්කාරය තුළින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සම්ප්‍රදායික උරුමයන් හා සාරධර්ම රැකගැනීම සියයට සියයක් ම දේශීය සමාගමක් වන ස්වදේශී සමාගමේ යුතුකමක් වන බව ය. තම සමාගම විසින් මෙලෙස මෙම පූජනීය ස්ථාන ආලෝකවත් කරන්නේ මෙම ස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට තම කාර්යයන් වඩාත් පහසුවෙන් කරගැනීමට හා දේශීය උරුමයන් රැකගැනීමේ වැදගත්කම මතු පරපුරට වටහාදීම උදෙසා වන බවත් එතුමිය පැවසුවා ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]