කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට පිරිසුදු දෑත් දිගු කරන්න

දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට පිරිසුදු දෑත් දිගු කරන්න

ඩෙටෝල් ලොව පුරා වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ සිය පිරිසුදු දෑත් සමාජ මාධ්‍යය වෙත මුදා හැර පාචනය මඟින් සිදුවන අනවශ්‍ය මරණ වළක්වාලමින් ළමා ජීවිත බේරා ගැනීමේ ඩෙටෝල්හි නව ගෝලීය ව්‍යාපාරයට සිය සහය දක්වන ලෙසයි.

සංවර්ධනය වන රටවල අවුරුදු 5 ට අඩු ළමුන්ගේ මරණයන්හි දෙවැනි ප්‍රධානතම හේතුව වනුයේ පාචනයයි. කෙසේ වුවද, සබන් වලින් දෑත් සේදීමේ සරල ක්‍රියාවලියෙන් මෙකී මරණ සිදුවීම වළක්වා ගත හැකි වේ. සත්‍ය වශයෙන් සිදුවනුයේ ආසාදන ක්‍රියාදාමය බිඳ දමමින් පාචනයට හේතු වන රෝගකාරක පැතිරීම වළක්වාලීමයි.

ඩෙටෝල් සිය ප්‍රයත්නයන් යළි ශක්තිමත් කරනු‍යේ මෙකී අනවශ්‍ය මරණ සිදුවීම වළක්වාලනු පිණිසය. ඒ සඳහා පිරිසුදු දෑත් දිගු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබ ඇත. පාචනය වැනි වැළැක්විය හැකි රෝග සමඟ සටන් වැදීමේදී සබන්වලින් දෑත් සෝදා පිරිසුදු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම දැනට පවත්වනු ලබනා ගෝලීය මෙහෙවර මඟින් සිදු කරනු ලබයි.

අත්වල සෞඛ්‍යය පිළිබඳ ළමුන් දැනුම්වත් කිරීම මඟින් තනි එන්නත් හෝ වෛද්‍ය මැදිහත්වීම්වලට වඩා බොහෝ ජීවිත ආරක්ෂා කර ගත හැකිය. සමාජ මාධ්‍යය හා එක්වන සෑම පිරිසුදු දෑතක් වෙනුවෙන් නිරෝගී අත් සෝදන පුරුදු පිළිබඳව ඩෙටෝල් එක් දරුවකු දැනුම්වත් කිරීමට ප්‍රතිඥා දෙයි. ඔබ වඩාත් උනන්දු වන තරමට අප විසින් ළමුන් වැඩි වැඩියෙන් දැනුම්වත් කරනු ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]