![]() ![]() |
||
සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරය පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රතිඥා දෙයි
සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරය තවත් වැදගත් කඩඉමක් පසුකරමින් අයිඑස්ඕ 14001 : 2004 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉතා සාර්ථකව පරිසර කළමනාකාරිත්ව පද්ධතියක් ක්‍රියාත්මක කිරීමෙන් අයිඑස්ඕ 14001 : 2004 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම සහතිකය අනුව සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරයේ සමාගම් එනම්, සර්ටිස් ලංකා සිකියුරිටි සොලූෂන්ස් පෞද්ගලික සමාගම, සර්ටිස් ලංකා සෙකියු ලොජිස්ටික්ස් පෞද්ගලික සමාගම, සර්ටිස් ලංකා කුරියර් සර්විසස් පෞද්ගලික සමාගම, සර්ටිස් ලංකා හෝම්නර්සිං ඇන්ඩ් ස්ෆිට් කෙයාර් පෞද්ගලික සමාගම සහ සර්ටිස් ලංකා ටෙක්නොලොජි ඇන්ඩ් කන්සල්ටන්සි පෞද්ගලික සමාගම තවදුරටත් තම ක්‍රියාවලියන් හා ක්‍රමවේදයන් මඟින් පරිසරයට ඇතිවන බලපෑම් හඳුනාගෙන ඒවා අවම කිරීමට කටයුතු කරනු ඇත. මීට පෙර එනම් වර්ෂ 2011 පෙබරවාරි මස සර්ටිස් ලංකා සමූහ ව්‍යාපාරයේ සියලුම සමාගම් ගුණාත්මක කළමනාකාරිත්වය සඳහා අයිඑස්ඕ 9001 : 2008 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් ද පිදුම් ලැබීය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |