කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Falck හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා මීගමුවටත්

Falck හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා මීගමුවටත්

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමක් වන Falck ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා ක්ෂේත්‍රයේ තවත් පෙරළියකට මඟ හෙළිකරමින් සිය සේවා මීගමුව ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා සහ ගිලන්රථ සේවාවන්ගෙන් ඔබ්බට ගිය සේවාවන් පිරිනමන ප්‍රථම Falck මධ්‍යස්ථානය බවට මීගමුව මධ්‍යස්ථානය පත්වේ. එහිදී පැය 24 පුරා වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් සහ පැය 24 ක්‍රියාත්මක ඔසුසලක් ආරම්භ කෙරෙන අතර එය මෙරට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

Falck සේවාවන් ආරම්භ කළ දා සිට ජනතාවගෙන් ලැබෙන විමසීම් දිනෙන් දින වැඩිවුණා. මෙය ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා ජනප්‍රිය වෙමින් පවතින බවට නිසැක සාක්ෂියක්. මේ ප්‍රවණතාවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සංකල්පයෙන් ඔබ්බට ගොස් වඩාත් පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් ජනතාවට තිළිණ කරන්නට අප තීරණය කළා. ඒ අනුව ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපරිම සත්කාරය ලබාදීමට අප කටයුතු කරනවා. Falck වෛද්‍ය ප්‍රතිකාර සේවාව යනු රෝහලක මෙන් පැය 24 පුරා සේවාවන් ලබාගැනීමේ පහසුව සලසන අතරම රෝහලකට වඩා සැහැල්ලු පරිසරයක උපරිම මට්ටමින් සේවාවන් අත්විඳීමේ අවස්ථාව ලබා දෙන තැනක්. ඒ නිසා කල්තබා කාලය වෙන්කරවා ගැනීම් සහ දිගු කාලයක් බලා හිඳීම් අවශ්‍ය වන්නේ නැහැ.” ප්‍රධාන විධායක නිලධාරි යෙන්ස් පෝල් මැඩ්සන් මහතා පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]