කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ලෆාර්ජ් හා ඩයිනැමික් ටෙක්නොලොජීස්සී ෂෙල්ස් දූපතේ සිමෙන්ති සයිලෝවක් කරයි

ලෆාර්ජ් හා ඩයිනැමික් ටෙක්නොලොජීස්සී ෂෙල්ස් දූපතේ සිමෙන්ති සයිලෝවක් කරයි

සිමෙන්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛස්ථානයක් දරන ලෆර්ජ් සමාගම ශ්‍රී ලංකාවේ ඩයිනැමික් ටෙක්නොලොජීස් සමාගම සමඟ ඒකාබද්ධ සීෂෙල්ස් දූපතේ ටොන් හාරදහසක ධාරිතාවයක් ඇති සිමෙන්ති සයිලොවක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

මෙම සමාගම් දෙකෙහි එකමුතුවෙන් සිදුකරන හත් වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය මෙය වේ.

මෙරට ලෆාර්ජ් මහවැලි සිමෙන්ති සමාගම ඩයිනැමික් ටෙක්නොලොජීස් සමාගම් සමඟ ඉදිකිරීම් ක‍ටයුතු සඳහා සම්බන්ධ වී ඇත්තේ 1980 වසරේ සිටයි. එම සමාගම් දෙක අතර පවතින දීර්ඝ සබඳතාවය පිළිබඳ අදහස් දක්වමින් ඩයිනැමික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසෝක ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේ ලෆාර්ජ් මහවැලි සිමෙන්ති සමාගම කොළඹ වරායේ තම කම්හල ඉදිකිරීමට 1980 දී ඩයිනැමික් ආයතනයට ලබාදුන් කොන්ත්‍රාත්තුව සමඟ මෙම සම්බන්ධතාවය ගොඩනැ‍ඟෙනු ලබයි.

ඩයිනැමික් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධර්මවර්ධන මහතා පවසන්නේ මෙම අන්තර්ජාතික ව්‍යාපෘති නිම කිරීම තම ආයතනයේ හැකියාව පමණක් නොව අන්තර්ජාතික වශයෙන් විශාල ගොඩනැඟිලි ව්‍යාපෘතිවල නියැළීමට ශ්‍රී ලංකාව සතු සුවිශේෂී හැකියාව ද පෙන්නුම් කිරීමක් බවයි.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]