කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
විශ්‍රාම වැටුප් විෂමතා සියල්ල ඉවතට

විශ්‍රාම වැටුප් විෂමතා සියල්ල ඉවතට

2015 අයවැය යෝජනා අනුව විශ්‍රාමික වැටුප 2015 නව වැටුප් ව්‍යුහයට අනුව සකස් කෙරෙන නිසා දැනට විශ්‍රාම වැටුප් ලබන පන්ලක්ෂ හතළිස් දහසකගේ විශ්‍රාම වැටුප වැඩි වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. බී. එම්. අෂ්රොෆ් මහතා කියයි.

විශ්‍රාමිකයන් මෙතෙක් කළ ඉල්ලීම් අනුව 2006 වැටුප අනුව විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කළේ නම් විෂමතාවය ඉවත් වන්නේ ලක්ෂ තුනකගේ පමණක් නමුත් අලුත් අයවැය යෝජනාව අනුව සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයන් ඉවත් වන බව ද අධ්‍යක්ෂවරයා පැවැසීය.

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම මඟින් නව විශ්‍රාම වැටුප ගණන් බැලීමෙන් අනතුරුව එම වැටුප ලබන වසරේ ජුලි මස සිට හිඟ වැටුප් සමඟ ගෙවීමට නියමිතය. මේ නිසා විශ්‍රාමිකයන්ට වහාම ගෙවන ගෙවීමක් ලෙස මේ මස සිට රුපියල් දෙදහස්පන්සියයක දීමනාවක් අයවැය යෝජනාව අනුව ලබන මස විශ්‍රාම වැටුපට එකතු කෙරෙන බව ද එම මුදල ජනවාරියේ සිට ගෙවීමට හැකි වනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]