කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නායයෑමට ප්‍රධාන හේතුව සංරක්ෂිත ප්‍රදේශයේ එළවළු වගාවයි

නායයෑමට ප්‍රධාන හේතුව සංරක්ෂිත ප්‍රදේශයේ එළවළු වගාවයි

කොස්ලන්ද මීරියවත්තේ නායයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වත්තේ පදිංචි ජනතාව එම ස්ථානයේ ඉහළ සංරක්ෂණ කලාපයේ එළවළු වගා කිරීම බවත්, දැනට වසර 8 කට පෙර මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතු ස්ථානයක් බවට මායිම් කණු ගසා ලකුණු කර තිබු බවත් පර්යේෂණ අංශ පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය කපිල දහනායක, ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ පරිසරවේදී ඩී. ටී. මුණවීර යන මහත්වරු අවධාරණය කරන්නේ මේ ප්‍රදේශවල කිසිම ක්‍රියාකාරකමක් නොකළ යුතු බවට අදාළ පළාත් පාලන ආයතනවල හා අදාළ වත්තේ පාලකයන්ට 2008 දී පමණ දැන්වූ බවයි.

ඉහළ ජලාධාර ව්‍යාපෘතිය යටතේ මේ නාය ගිය ප්‍රදේශය දැඩි අවදානම් කාලයක් ලෙස මායිම් ලකුණු කළ බවත් පසුව අදාළ බලධාරීන් හා වත්තේ ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු නොකර එළවළු වගාව ව්‍යාප්ත කර ඇති බවත් මුණවීර මහතා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]