කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරුව හෙට

ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරුව හෙට

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ගුණ සමරු උත්සවය හෙට (03) පස්වරු 4.30 ට අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

මෙහිදී මහින්ද චින්තනයේ පදනම සහ අනාගත ශ්‍රී ලංකාව යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සහ යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය එස්. පද්මනාදන් මහතා මෙහි මුලසුන හොබවයි. මේ උත්සවය රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික හා සමාජ සේවා පදනම මඟින් මෙහෙයවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]