![]() ![]() |
||
ශ්‍රී ලන්කන් යානා එකතුව ඉහළටශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා එකතුවට එක්වූ නවතම ඒ - 330 ගුවන් යානය පෙරේදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට ළඟා විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ප්‍රංසයේ එයාර්බස් සමාගමෙන් ලබා ගැනීමට නියමිත ඒ 330 - 300 යානා 7 න් පළමුවැන්න මෙය වන අතර දෙවන යානය මේ වසර අගදී ද, ඉතිරි යානා 2015 වසරේදී ලබා ගැනීමට ද නියමිතය. ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු පැරැණි පුළුල් බඳ සහිත ගුවන් යානා ඉවත් කර ඒ වෙනුවට පුළුල් බඳ සහිත නව ඒ - 330 සහ ඒ - 350 ගුවන් යානා ලබා ගැනීමට සැලසුම් කර ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |