![]() ![]() |
||
රිතික් ගේ බිරිය ඩුබායි ගිහින්
ඒත් සුසෑන් නම් පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් නැවතත් රිතික් සමඟ එකතු නොවන බවයි. ඔය අතරේදී කටකතාවක් පැතිරී ගොස් තිබුණා. කවුරුත් නොදන්නා කෙනෙකු සමඟ සුසෑන් ගේ සම්බන්ධයක් ඇති බවයි මේ කටකතාවෙන් කියවුණේ. ඒ වුණත් ඒ ආරංචියෙහි කිසිම ඇත්තක් නැති බවයි දින දෙක තුනකින්ම කාට කාටත් දැනගන්නට හැකිවුණේ. සුසෑන්ව හමුවන්න එක්තරා පුද්ගලයෙකු ඇගේ නිවෙසට පැමිණි බව නම් සත්‍යයක්. ඔහුගේ නම රාමන් මැකාර්. විවාහකයකු වන ඔහු, රිතික් සහ සුසෑන්ගේත් ඔවුන්ගේ දෙමවුපියන්ගේත් සමීප හිතවතෙක්. මීට දෙසතියකට පමණ පෙර සුසෑන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියා. ඒ ගමනට කලින් දිනයක දී රාමන් සහ ඔහුගේ බිරිය සුසෑන්ව හමුවී තිබෙනවා. සුසෑන් ඩුබායි ගියේ ඇයි? ඊළඟට බොහෝ දෙනෙකු එලෙස ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. ඇය ඩුබායි බලා පිටත්ව ගියේ තනිවම නොවෙයි. බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ගේ බිරිය ගෞරී එක්කයි. කාන්තා ඇඳුම් පැලඳුම් සහ කාන්තාවන් භාවිතා කරන විසිතුරු අංගෝපාංග අලෙවි කරන සුපිරි වෙළෙඳ සලක් ඩුබායි හි ආරම්භ කරන්නයි ගෞරී සූදානම් වෙන්නේ. එම ව්‍යාපාරයට හවුල් වීමට සුසෑන් ද කැමැත්ත පළ කරලා. මේ සඳහා ඩුබායි හි පදිංචිව සිටින ගෞරීගේ සමීප මිතුරියන් කිහිප දෙනෙකුගේ ද සහාය ලැබෙන බවයි පැවසෙන්නේ. ගෞරී සහ සුසෑන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පැමිණෙන බව ආරංචි වූ ඩුබායි හි අංක එකේ ධනවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම ඔවුන් පැමිණෙන්නේ කවදාදැයි දැන් නිරතුරුවම විමසුම් කරනවාලු.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |