කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
‘මහ රෑ යාමේ’ සහාය ගායිකාව අමරා ද? සෝමලතා ද?

‘මහ රෑ යාමේ’ සහාය ගායිකාව අමරා ද? සෝමලතා ද?
 

ගම්පහ අඹන්විට සිරිවර්ධන

ප්‍රශ්නය - ‘කුරුලු බැද්ද’, ‘සිකුරු තරුව’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ ජෝන් අමරතුංග අප දන්නා ප්‍රකට දේශපාලනඥයාම ද?

පිළිතුර - නැහැ. ඒ වෙන කෙනෙක්.

මෝදර හිරාන් රොඩ්රිගෝ

ප්‍රශ්නය - ආචාර්ය දයාරත්න රණතුංග සමඟ ‘මහ රෑ යාමේ’ ගීතය ගයන්නේ අමරා රණතුංග ද? සෝමලතා රණතුංග ද?

පිළිතුර - දයාරත්න මෙහි මුල් ගීය ගැයුවේ සෝමලතා රණතුංග සමඟයි. ඇය දයාරත්නගේ සොහොයුරියක්. පසුව ඔහු තම බිරිඳ මහාචාර්ය අමරා රණතුංග සමඟ එය ගායනා කළා.

මීගමුව මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා

ප්‍රශ්නය - ‘සුජාතා’ හින්දි චිත්‍රපටයට ‘සුනු මෙරේ බොන්දුරේ’ නම් වූ ගීතය ගායනා කළ ගායකයා කවුද?

පිළිතුර - එස්. ඩි. බර්මන්. එහි සංගීතයත් ඔහුගේ.

මෝදර එම්. ආර්. සී. ඩයස්

ප්‍රශ්නය - දේවාර් සූර්යසේනගේ ගී ඇතුළත් තැටි තිබෙනවා ද?

පිළිතුර - ඔව්. ‘වීණා මිහිරි නද’, ‘බඹර කෝකිල නාද’ යන ගී තැටි දෙක ‘හිස් මාස්ටර් වොයිස්’ ලේබලය යටතේ එළිදැක තිබෙනවා.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ

ප්‍රශ්නය - සිසිර සේනාරත්න හා ජී. ඇස්. බී. රාණි පෙරේරා ගයන ‘රන්වලා තොටිල්ලේ’ ගීය රැගත් චිත්‍රපටය කුමක් ද?

පිළිතුර - ගැහැනු ගැට.

මාතර කැලුම් විජේවර්ධන

ප්‍රශ්නය - ‘ලබ්බෙ තොවිලේ’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබේ ද?

පිළිතුර - ඔව් එය කෙටි කාටුන් චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කළේ තිසර ඉඹුලාන.

වනවාසල ගැමුණු රණවීර

ප්‍රශ්නය - ‘මිඩ්නයිට් එක්ස්ප්‍රස්’ චිත්‍රපටය මෙරටදි තහනම් කිරීම සම්බන්ධයෙන් එකල කිසියම් සිනමා විචාරකයකු පොත් පිංචක් ලිව්වා නේද?

පිළිතුර - ඔව්. එය ලීවේ එච්. ඒ. සෙනෙවිරත්න. එය ඔහු තුර්කි තානාපති කාර්යාලය සමඟ කළ ලිපි හුවමාරුවකට අදාළ පොත් පිංචක්. පළවුණේ 1982 දී.

තංගල්ලේ අසේල විජේවීර

ප්‍රශ්නය - ‘14 ප්‍රකාශනයට අවකාශයක්’ සිනමා සඟරාව ලබාගත හැකි ආකාරය දන්වන්න.

පිළිතුර - සංස්කාරිකා, 56/11, හොර්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයෙන් විමසා බලන්න.

ගොතටුවේ ප්‍රේම් කන්නන්ගර

ප්‍රශ්නය - ‘හඳමාමා’ ගුවන් විදුලි වැඩසටහනේ තේමා ගීතයේ (ලොව ගනඳුරු දුරු කරන්න ගුණ නුවණට මඟ පෙනෙන්න) ගායකයා, රචකයා හා සංගීතඥයා කවුද?

පිළිතුර - ගායකයා මිල්ටන් පෙරේරා. රචනා කළේ සුමනා ජයතිලක, සංගීතය - පී. එල්. ඒ. සෝමපාල.

වස්කඩුව දෙදියවල ගාමිණි ගුණතිලක

ප්‍රශ්නය - ‘ඩීඩාර්’ චිත්‍රපටයේ රඟපෑවේ අශෝක් කුමාර් ද? දිලිප් කුමාර් ද?

පිළිතුර - දෙදෙනාම එහි රඟපෑවා.

කඩුවෙල අමිත ගලප්පත්ති

ප්‍රශ්නය - ඉන්දීය සිනමාවේ සිසිල් බී. ඩිමිලි යන නාමයෙන් හඳුන්වන අධ්‍යක්ෂවරයා කවුද?

පිළිතුර - එස්. එස්. වාසන්.

මාවනැල්ලේ තරිඳු ඒකනායක

ප්‍රශ්නය - ‘මට ආලෝකේ ගෙන දේවි සංසාරයේ’ ගීතය ගයන්නේ ජමුනා රාණි ද? කේ. රාණි ද?

පිළිතුර - ඒ දෙන්නම නෙමෙයි තරිඳු, ජික්කි.

නාත්තන්ඩියේ අජිත් තේනුවර

ප්‍රශ්නය - ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නගේ ලිපිනය සොයා දෙන්න?

පිළිතුර - 97/30, අබේරත්න මාවත, බොරලැස්ගමුව.

උතුරු කළුතර, තොටුපළ පාරේ සිරි අබේසේකර

ප්‍රශ්නය - ‘තුම්සා නහීන් දේකා’ සංගීතවත් කළේ කවුද?

පිළිතුර - ඕ. පී. නයියාර්.

දික්ඕවිට සරත් සිරිමාන්න

ප්‍රශ්නය - ලතා වල්පොල ගයන ‘හෝ එනවයි කීවේ - නෑ තව ආවේ’ ගීතය ඇතුළත් වුණේ කුමන චිත්‍රපටයට ද?

පිළිතුර - ‘වනමෝහිනි’ චිත්‍රපටයට.

මේ සතියේ මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මත්තෙගොඩ කිරිගම්පමුණුවේ කිත්සිරි ඒ. මද්දෙවිතාන, අම්බලන්ගොඩ චන්ද්‍රා මාලිනි ද සිල්වා ඔබේ ප්‍රශ්නය පහත ලිපිනයට යොමු කරන්න

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]