![]() ![]() |
||
රංගනයෙන් නිෂ්පාදනයෙන් පෙරට එනඋදාර රණසිංහ
“මේ දිනවල මම අලුත්ම වේදිකා නාට්‍යයක රඟපානවා. ඒ ‘හරිම බඩු තුනක්.’ මේ වේදිකා නාට්‍යයට නිෂ්පාදනයෙන් දායක වුණේ මමයි. ඊට අමතරව ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘ගිරිකුල’ හි උප ප්‍රධාන චරිතයක් ද රඟපානවා. මේ හැමදේටම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි. අලුත් නිර්මාණයක් එළිදක්වන්නත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. නිෂ්පාදකයකු ලෙස කලාවේ රැඳී සිටිමින්ම ඉදිරියටත් ඒ කටයුතුවල නිරත වෙන්නටත් පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා. ‘කුමුදු ජයසිංහ ගේ සඳගිරි අරණ’ දොරට වැඩිය දානව පරපුරේ ගායන ශිල්පිනි කුමුදු ජයසිංහ ගේ ‘සඳගිරි අරණ’ සංගත තැටිය පසුගිය දා ඕමානයේ අල්බුස්ටාන් ශ්‍රවණාගාරයේ දී දොරට වැඩියේය. මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත කලාකරුවන් වූයේ ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද සමන්ත පෙරේරා, ප්‍රණීත් සාරංග සංගීතය මෙහෙයවූ අතර වසන්ත රෝහණ කථනයෙන් දායක වූයේය. ආරාධනා ලයිව් ස්ටේජ් 27 දා පේරාදෙණියේ දී
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපත් කරන ‘ආරාධනා Live stage’ මෙම 27 දින පස්වරු 7.00 ට පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ. සුනිල් එදිරිසිංහ හා නිරෝෂා විරාජිනී මෙහිදී ගීත ගායනයෙන් එක්වෙති. ‘කුමුදු ජයසිංහ ගේ සඳගිරි අරණ’ දොරට වැඩිය දානව පරපුරේ ගායන ශිල්පිනි කුමුදු ජයසිංහ ගේ ‘සඳගිරි අරණ’ සංගත තැටිය පසුගිය දා ඕමානයේ අල්බුස්ටාන් ශ්‍රවණාගාරයේ දී දොරට වැඩියේය. මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත කලාකරුවන් වූයේ ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද සමන්ත පෙරේරා, ප්‍රණීත් සාරංග සංගීතය මෙහෙයවූ අතර වසන්ත රෝහණ කථනයෙන් දායක වූයේය. ශේක්ස්පියර් කේන්ද්‍රයෙන් නාට්‍ය කලා පාඨමාලා
ශේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා නොමිලේ සංවිධානය කරන නාට්‍ය හා රංග කලා පාඨමාලාව සඳහා ඉල්ලුම්පත් බාර ගැනේ. වැඩි විස්තර ශේක්ස්පියර් කේන්ද්‍රය, සභාපති, ‘සුදර්ශී’ බාරේ, 375 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයෙන් ලබාගත හැකි ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |