කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඓතිහාසික හාද්දක්!

ඓතිහාසික හාද්දක්!

ග්ලෙන් හෙදියක සිපගන්නා අන්දම

මෙහි ඉහත දැක්වෙනුයේ ඓතිහාසික සේයාරුවකි. 1945 අගෝස්තු 14 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රය ආසන්න මහමඟදී සොල්දාදුවකු විසින් හෙදියක් සිපගන්නා මේ පින්තූරය මුළුමහත් ලොව පුරා පුවත්පත් පිටු සැරසූවකි.

ග්ලෙන් 86 වැනි වියේදී

සේයාරුවේ සිටින ඇමෙරිකානු නාවික භටයා එවකට 18 හැවිරිදිය. ග්ලෙන් මැක්ඩෆී නමැති ඔහු දෙවැනි ලෝක මහා යුද්ධයට එක්වූවෙකි. දෙවැනි ලෝක යුද්ධය නිමා කරමින් ජපානය යටත් වූ පුවත කන වැකෙද්දී ග්ලෙන් සිටියේ උමං දුම්රියකය. ග්ලෙන් දුම්රිය නැවැත්වූ විගස ඉන් බැස පිටතට දුව ආවේ තමා ඇසූ පුවතින් සතුටින් ඉපිළෙමිනි. එසේ පැමිණි ඔහු දුටුවේ මහමඟ අද්දර සින‍ාසෙමින් ඔහු දෙස බලා සිටින හෙදියකි. සිය පෙම්වතිය මුණගැසීම සඳහා නිව්යෝර්ක් කරා එන ගමනේ දී ඇසූ පුවත නිසා සතුට ඉහවහා ගිය ග්ලෙන් දුව ආ විගස කළේ නාඳුනන හෙදිය සිප ගැනීමය.

ඒ මොහොතේ එතැන සිටි ඡායාරූප ශිල්පියකු වූ ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටෙඩි සිද්ධිය සේයාරුවට නැඟූ අතර පසුව ලොව පුරා ප්‍රසිද්ධ විය.

ග්ලෙන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි පදිංචිකරුවෙකි. ඩලාස්වලදී පසුගියදා ඔහු මියගියේ 86 වැනි වියේදීය. ඔහු විසින් සිපගනු ලැබූ හෙදිය ද මේ වෙද්දී ජීවතුන් අතර නැති බව වාර්තා විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]