කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගැප් වැඩසටහනින් බ්‍රැන්ඩික්ස් හි 140 දෙනෙකුට පුහුණුව

ගැප් වැඩසටහනින් බ්‍රැන්ඩික්ස් හි 140 දෙනෙකුට පුහුණුව

ජාත්‍යන්තර ගැප් සමාගම විසින් පවත්වන පුද්ගලික සංවර්ධන සහ වෘත්තීය සවිබල ගැන්වීම වැඩසටහන සාර්ථකව අවසන් කළ බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකාවන් 140 දෙනෙකුට සහතික පත් බෙදා දීම පසුගිය දා සිදු කෙරිණි. ඒකල පිහිටි බ්‍රැන්ඩික්ස් සෙන්ටර් ඔෆ් ඉන්ස්පිරේෂන් හිදී සිදු කෙරිණි.

එම වැඩසටහන 2012 ඔක්තෝබර් මාසයේ සිට පසුගිය පෙබරවාරි දක්වා රත්මලාන කැෂුවල් වෙයාර් කර්මාන්ත ශාලාවේ දී පැවැත්වූ අතර මෙහිදී පුහුණුව ලත් බ්‍රැන්ඩික්ස් සාමාජිකාවන්ට ‘හොඳම සමස්ත කාර්ය සාධනය’ සහ ‘එන්ඩ් ලයින් සමීක්ෂණයේ හොඳම ප්‍රතිඵල’ යන සම්මාන පිරිනැමීය.

‘හොඳම සමස්ත කාර්ය සාධනය’ යන සම්මාන වී. එන්. සඳමාලි, එච්. ඒ. එස්. ප්‍රබෝධනී සහ මහේෂා සේරසිංහ යන බ්‍රැන්ඩික්ස් සාමාජිකාවන්ට හිමි වූ අතර එන්ඩ් ලයින් සමීක්ෂණයේ හොඳම ප්‍රතිඵල’ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ කේ. එම්. එච්. එස්. ගම්ලත්ය. මෙහිදී පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන එම්. එස්. ධම්මිකා ප්‍රනාන්දු සහ ජේ. ඒ. සී. මානෙල් දිනාගන්නා ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]