කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
HDFC බැංකුවට මෙවරත් තිරසාරකත්ව වාර්තාකරණ සම්මානය

HDFC බැංකුවට මෙවරත් තිරසාරකත්ව වාර්තාකරණ සම්මානය

HDFC බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී නිමල් මාමඩුව මහතා විසින් අදාළ සම්මානය ලබාගන්නා අවස්ථාව.

HDFC බැංකුව තිරසාරකත්ව වාර්තාකරණ සම්මාන උලෙළේදී මෙවරත් සම්මානයෙන් පිදුම් ලබයි. ශ්‍රී ලංකාවේ හොඳම නිවාස මූල්‍ය විසඳුම් ලබා දෙන්නා වන HDFC බැංකුව, වරලත් සහතික ලත් ගණකාධිකාරී සංගමය ශ්‍රී ලංකාව පුරා විසිර සිටින පාරදෘශ්‍ය භාවයෙන් යුත් විවිධ ආයතන සඳහා සම්මාන පුද කරනු ලබන තිරසාර වාර්තාකරණ සම්මාන උලෙළේ දී බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශයේ දෙවන ස්ථානයෙන් පිදුම් ලැබීය.

එම සම්මානය අඛණ්ඩව සිව්වරක් දිනා ගැනීමට හැකි වීම බැංකුවේ ඉහළ ප්‍රමිතියකින් යුත් සමාජ ආර්ථික නිර්දේශන පිහිටුවීමෙහි ලා වූ ප්‍රශංසනීය ක්‍රියාකාරිත්වයට සාක්ෂි සපයයි. ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ සමාජමය තත්ත්වය ඉහළ නැංවීමත් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමත් සඳහා බැංකුව කරන ලද දායකත්වයත් තිරසාර ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා සිදු කරනු ලබන කාර්යභාරය හා 2013 වර්ෂය සඳහා මෙම අංශයන්හි ඉලක්ක පැහැදිලි ලෙස වාර්ෂික වාර්තාවෙහි දක්වා තිබීම කැපී පෙනේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]