කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉහළම දක්ෂතා පෙන්වූ දිරිය කතුන්ට යුනිලීවර් ‘දිරිය ප්‍රණාම’ සම්මාන

ඉහළම දක්ෂතා පෙන්වූ දිරිය කතුන්ට යුනිලීවර් ‘දිරිය ප්‍රණාම’ සම්මාන

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කරනු ලබන “සෞභාග්‍යයා” ග්‍රාමීය ව්‍යවසායකාවන් ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ ඉහළම දක්ෂතා පෙන්වන ලද දිරිය කතුන් ඇගැයීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන “දිරිය ප්‍රණාම” සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණි. ලෝක කාන්තා දිනයට සමගාමීව සංවිධානය කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය ස්වෝත්සාහයෙන් දියුණු වීම සඳහා උපකාරයන් අවශ්‍ය අඩු ආදායම්ලාභී කාන්තාවන් මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම උදෙසා ආරම්භ කළ “සෞභාග්‍යයා” වැඩසටහනේ තවත් වැදගත් ඉදිරි පියවරකි.

යුනිලීවර් වෙළෙඳ නාම දූතයන් වශයෙන් යුනිලීවර් නිෂ්පාදන තම ගම් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම මඟින් මෙම දිරිය කාන්තාවන්ට ආදායම් උපයා ගැනීමේ අවස්ථාව “සෞභාග්‍යයා” වැඩසටහන මඟින් හිමි වේ. මෙම වසරේ දී විකුණුම් ඉලක්ක සම්පූර්ණ කළ “සෞභාග්‍යයා” ව්‍යවසායකාවන් 150 ක ප්‍රමාණයක් ඇගැයීමට ලක්විය. එයින් තෝරාගත් ඉහළම දක්ෂතාවයක් සහ කැපවීමක් සිදුකළ පළමු දිරිය කතුන් 100 දෙනා විශේෂයෙන් ඇගැයීම උදෙසා දිරිය ප්‍රණාම සම්මාන ප්‍රදානෝත්සවයට කැඳවන ලදී.

මෙහි දී රුපියල් මිලියන 3.2 මූල්‍ය වටිනාකමින් යුක්ත ත්‍යාග ජයග්‍රාහිකාවන් වෙත පිරිනැමු අතර ත්‍යාගලාභිනියන්ට තම අභිමතය පරිදි රන් ආභරණ හෝ විදුලි උපකරණ ත්‍යාග වශයෙන් ලබා ගැනීමේ අවස්ථාව උදාවිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]