කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
විශිෂ්ටතම මූල්‍ය සේවා සපයන්නා සම්මානය පීපල්ස් ලීසිං සමාගමට

විශිෂ්ටතම මූල්‍ය සේවා සපයන්නා සම්මානය පීපල්ස් ලීසිං සමාගමට

ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී, ඩී. පී. කුමාරගේ මහතා සම්මානය ලබාගත් අවස්ථාව.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම SLIM Nielsen People's Award 2014 සම්මාන උලෙළේදී ‘වසරේ විශිෂ්ටතම මූල්‍ය සේවා සපයන්නා’ ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය. එම සමාගම එම සම්මානයට හිමිකම් කීවේ තම ගනුදෙනුකරුවන්ගේ හදවත හා මනස මැනවින් වටහා ගනිමින් අතිවිශිෂ්ට මූල්‍ය සේවා රැසක් ඔවුන් වෙනුවෙන් ඉටුකිරීම වෙනුවෙනි.

මහජන බැංකුවට අනුබද්ධිත ආයතනයක් ලෙසින් 1995 වසරේදී ඇරඹු පීපල්ස් ලීසිං සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතුරෙන් ප්‍රමුඛතම සමාගම බවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් දෙකක් ද සමඟිනි. AA- සන්නාම නාම ශ්‍රේණිගත වීම මෙන්ම වැඩිම ප්‍රාග්ධනයක් සහිත සමාගම් 25 අතරට ඉතා කෙටි කලකින් ළඟාවීමට සමත්වීම පීපල්ස් ලීසිං සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]