කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මේ මොබිටෙල් අංකයෙන් ඔබේ පිළිකා ගැටලුවට උපදෙස්

මේ මොබිටෙල් අංකයෙන් ඔබේ පිළිකා ගැටලුවට උපදෙස්

මොබිටෙල් ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්වී පිළිකාවෙන් මිදෙන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් හා ඇමතුම් මධ්‍යස්ථානයක් ඇරැඹීමට පසුගිය දා කටයුතු කළේ ය.

ඒ අනුව පිළිකාවෙන් ආරක්ෂා වීම පිළිබඳව ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් 0715 320320 අංකය ඇමැතීමෙන් ලබාගත හැකි වේ. ඒ ඔස්සේ දවසේ ඕනෑම වේලාවකදී සුදුසුකම් සපිරූ වෛද්‍යවරයකු වෙත ඔබගේ ගැටලුව හෝ විමසීම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.

පිළිකා ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් මේ වන විට දිනකට ඇමතුම් 60 ක් පමණ ලැබෙන බව මොබිටෙල් හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පැවැසී ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]