කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සේලාන් ක්‍රෙඩිට් කාඩ්ස් කුවේට් ගුවන් සේවය හා එක්වෙයි

සේලාන් ක්‍රෙඩිට් කාඩ්ස් කුවේට් ගුවන් සේවය හා එක්වෙයි

නිමේෂ් ප්‍රනාන්දු (සෙලාන් කාඩ් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු), චිත්‍රාල් ද සිල්වා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි/ ශාඛා) තිස්ස නානායක්කාර (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, සාමාන්‍ය බැංකු සේවා) සුදේශ් රූපසිංහ (කුවේට් එයාවේස් නේවාසික කළමනාකරු) නෙරන්ජන් අතපත්තු - ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙළෙඳ සහ අලෙවි) සහ රොෂාණා තාමෝදරන් (කුවේට් එයාවේස් ප්‍රවේශපත් නිලධාරි)

 

 

කුවේට් ගුවන් සේවය නොබෝදා සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් සේවාව සමඟ සම්බන්ධ විය. සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දැන් කුවේට් ගුවන් සේවයේ ගුවන් ගමන් අවසරපත් සඳහා ඉතා අඩු පොලියකට මාස 03, 06 සහ 12 වාරිකවලින් මුදල් ගෙවිය හැකි ය. තවද එවන් මගීන්ට අතිරේක කිලෝ 10 ක ගමන් බඩු ගෙනයාමටත් මනාපය පරිදි ආසනය වෙන්කර ගැනීමටත් අවස්ථාව ලැබෙයි.

එමෙන් ම ඔවුන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි Palms Lounge හි සේවා නොමිලේ ලබා ගැනීමටත් කුවේට් ගුවන් සේවයේ ඔයසිස් රිවෝඩ්ස් වැඩසටහනට නොමිලේ ඇතුළුවීමටත් අවස්ථාව උදාවේ.

කුවේට් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකරු සුදේශ් රූපසිංහ මහතා අදහස් දක්වමින් සෙලාන් බැංකුව සමඟ එක්වී අපගේ ගනුදෙනුකරුවන්ට මෙම අවස්ථා උදාකරදීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙමු. මෙම පහසු ගෙවීමේ ක්‍රමය නිසා ඔවුන්ට කරදරයකින් තොරව එතෙර චාරිකාවක සතුටින් යෙදෙන්න හැකි ය යැයි පැවස‍ීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]