![]() ![]() |
||
විශිෂ්ටතම ගේට්ටු නිෂ්පාදක ලෙස අමිල් ඉන්ඩස්ට්‍රීස් ඇගැයුමට
අමිල් ඉන්ඩස්ට්‍රීස් 2014 සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Swing/ Sliding Gates නිෂ්පාදන සමාගම ලෙසින් ශ්‍රී ලංකා වාස්තු විදාඥයන්ගේ සංගමයේ ඇගයීමට ලක්වුණි. අමිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම ෙග්ට්ටු සඳහා භාවිතා කෙරෙන යුරෝපයේ අංක 1 හිමි ඉතාලියේ GR මෝටර් හි ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිතයා වන අතර තම නිෂ්පාදන සඳහා එම සමාගම භාවිතා කෙරෙන්නේ එම GR මෝටර පමණි. නිවසේ ඕනෑම තැනක සිට යතුරකින් විවෘත කළ හැකි හා රහස් අංකයකින් ක්‍රියා කරන ගේට්ටු මෙරට වෙළෙඳපොළට මුල්වරට හඳුන්වා දුන් අමිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම ලොව නවතම ගේට්ටු නිර්මාණකරුවන් හා වාස්තු විද්‍යාඥයන් නිර්දේශිත මෝස්තරයන්ට අනුකූලව, පාරිභෝගිකයාගේ රුචිකත්වය හා අවශ්‍යතාව මත ගේට්ටු නිපදවේ. එයට අමතරව වගකීම් සහතිකයක් සමඟ තේක්ක, කුඹුක් ලී හෝ යකඩ භාවිතා කරමින් නිපදවන මෙම ගේට්ටු සඳහා පාරිභෝගික අවශ්‍යතාව මත විශේෂිත අනතුරු ඇඟවීමේ විදුලි බල්බයක් සවිකර ගැනීමේ වැඩි පහසුකමක් හා ආරක්ෂාවක් සැලසේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |