කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජනතාවට නව සුව සහන වැඩ පිළිවෙළක් අරඹනවා

කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජනතාවට නව සුව සහන වැඩ පිළිවෙළක් අරඹනවා

- කොළඹ සන්ධාන අපේක්ෂක තුෂාර පෙරේරා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි ගමනට පූර්ණ සහයෝගය ලබා දෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ පිළිකා රෝගීන්ට සහන දීමට මෙන්ම දිස්ත්‍රික්කය තුළ පිළිකා වැඩිවීම අවම කිරීමට තම වෘත්තිය අනුව නව සුව සහන වැඩ පිළිවෙළක් අරඹන බව කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක තුෂාර පෙරේරා මහතා පවසයි. ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පිළිකා පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගෙන ඇති ඒ මහතා පිළිකා සුව කිරීම පිළිබඳව පර්යේෂණ රැසකින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති විද්වතෙකි. තුෂාර පෙරේරා මහතා කම්කරු හා වෘත්තිය පුහුණු ඇමැති ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති පුත්‍රයාය.

විශේෂයෙන් පිළියන්දල කැස්බෑව ප්‍රදේශයේ ජනතාවට සුව සෙත සඳහා විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තමාගේ නව සැලසුමක් ඇති බව ද තුෂාර පෙරේරා මහතා පවසයි. පිළිකා රෝගය කලින් හඳුනා ගැනීමේ නව ජංගම වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද ඔහු කීය. පිටරටවල සිටින විද්වතුන් මවුබිමට ගෙන්වා ගැනීමේ වත්මන් රජයේ වැඩ පිළිවෙළ යටතේ මෙරටට පැමිණි තමා දේශපාලනයට පැමිණියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව මෙරට ජනතාවට සුවසෙත උදා කිරීමේ අරමුණ ඇතිව බව ද පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පිළියන්දල කැස්බෑව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනහමු කිහිපයක් අමතමිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]