![]() ![]() |
||
ජනපති අද බුලත්සිංහල සහ කටානේමහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද (23) පස්වරු 3 ට බුලත්සිංහල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහජන රැලියට සහභාගිවේ. මෙදිනම පස්වරුවේ ජනාධිපතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ කටානේ මහජන රැලියකට සහභාගි වීමට නියමිත ය. හෙට (24) පස්වරු 4 ට ජනාධිපතිතුමා කොළඹ මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මහජන රැලියක් ඇමැතීමට ද නියමිත ය. ලබන 25 වැනිදා පෙරවරුවේ මාතර දෙවුන්දර විෂ්ණු මහ දේවාලයේ ආගමික වතාවත්වලට සහභාගි වන ජනාධිපතිතුමා එදින පස්වරුවේ මාතර අකුරැස්ස ජනහමුවකට ද සහභාගි වේ. ඡන්ද ප්‍රචාරක අවසන් රැලි වෙනුවෙන් 26 වැනිදා ගාල්ල දිස්ක්‍රික්කයේ අම්බලන්ගොඩ දී පැවැත්වෙන මහජන රැලියකටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේදී දෙබරවැව එන්.වී. දයානන්ද ක්‍රීඩාංගණයේදී 26 වැනි දා පස්වරු 3 ට පැවැත්වෙන රැලියකට එතුමා සහභාගි වනු ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |