කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඡන්දය පාවිච්චි කර විරෝධය පළ කරන්න

ඡන්දය පාවිච්චි කර විරෝධය පළ කරන්න

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක

අපි මේ පළාත් සභා දෙකම ජයග්‍රහණය කරනවා. ගෙදරට වෙලා රජය විවේචනය කිරීමෙන් නතර නොවී ඡන්ද පොළට ඇවිල්ලා එජාපය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර ඒ විරෝධය පළ කරන ලෙස අපි ඡන්දදායකයන්ගෙන් ඉල්ලනවා. අපි මෙතෙක් පරාජය වුණේ එජාපයට ඡන්ද නැති නිසා නොවෙයි.

ඡන්ද පොළට ඡන්දදායකයා නොගිය නිසයි. ජනතාවට කිසිම සහනයක් මේ ආණ්ඩුවෙන් ලැබී නැහැ. යුද්ධයෙන් පසුව දෙන්නට පොරොන්දු වූ සහන එකක්වත් ලැබී නැහැ. ආණ්ඩුව පනවන බදුවලින් පරිප්පු ටිකේ සිට බඩු මිල වැඩිවෙලා.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]