කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යුද අපරාධ චෝදනා ගේන්න මානව හිමිකම් කවුන්සිලයට බලයක් නෑ

යුද අපරාධ චෝදනා ගේන්න මානව හිමිකම් කවුන්සිලයට බලයක් නෑ

රටවල් රැසක නියෝජිතයෝ කියති

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැතැයි දැනට ජිනීවා නුවර පැවැත්වෙන කමිටු සාකච්ඡා වලදී චීන, රුසියානු, වියට්නාම හා කියුබානු රටවල නියෝජිතයෝ පෙන්වා දී ඇත.

එම නියෝජිතයන් මේ ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවට චෝදනා කරමින් ඒ සම්බන්ධව අන්තර්ජාතික පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට තමන්ට බලය ඇති බවත් ප්‍රකාශ කිරීමෙන් පසුව ය.

ශ්‍රී ලංකාවට විරුද්ධව ඇමෙරිකාව ගෙන ඒමට යන යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන සිකුරාදා 28 ජගත් මානව හිමිකම් සමුළු‍ෙව්දී පැවැත්වීමට නියමිත ය. එම යෝජනා මාලාවේ 8 වැනි වගන්තිය අනුව ලංකාවට විරුද්ධව පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමටත් එම පත්කිරීමේ බලය නවනීදන් පිල්ලේ මහත්මියට පැවරීමටත් තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ‘සිළුමිණ’ ට කීය.

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට දැඩි බලපෑම් කරමින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ඒමට යන මෙම යෝජනාව පැරදවීමට උපරිමයෙන් කටයුතු කරන බව ද විදේශ ඇමැතිවරයා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]