කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඡන්ද සටන ලබන සෙනසුරාදා

ඡන්ද සටන ලබන සෙනසුරාදා

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය ලබන සෙනසුරාදා (29) පැවැත්වේ. මන්ත්‍රී ධූර 155 ක් සඳහා අපේක්ෂකයන් 3794 දෙනකු මේ ඡන්දයට තරග කිරීමට ඉදිරිපත් වී සිටිති. මේ සංඛ්‍යාවෙන් 2441 ක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ද 1353 ස්වාධීන කණ්ඩායම්වලින් ද තරග කරති. කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 33 ක් ලෙසින් වැඩිම අපේක්ෂක ප්‍රමාණයක් තරග කරති. මේ සංඛ්‍යාව 1247 කි.

පක්ෂ 9 ක් සහ ස්වාධීන කණ්ඩායම් 4 ක් පමණක් තරග කරන හම්බන්තොට දිස්ත්‍රික්කය අඩුවෙන් මෙම ඡන්දයට ඉදිරිපත් වී තරග කරන කණ්ඩායම සිටින දිස්ත්‍රික්කයයි.

බස්නාහිර පළාත් සභාවට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙන් මන්ත්‍රීවරු 40 බැගින් ද කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 22 ක් ද සහිතව තෝරා පත්කර ගන්නා මුළු මන්ත්‍රී සංඛ්‍යාව 102 කි.

දකුණු පළාත් සභාවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් 22 ක් මාතර දිස්ත්‍රික්කයෙන් 17 ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 14 ක් ලෙසින් තෝරා පත්කර ගන්නා මුළු මන්ත්‍රී සංඛ්‍යාව 53 කි.

තෝරා පත්කර ගන්නා මේ මන්ත්‍රීවරුන්ට අමතරව බස්නාහිර හා දකුණු පළාත් සභාවට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවන පක්ෂයට බෝනස් මන්ත්‍රීවරු 2 ක් බැගින් මන්ත්‍රීවරු 4 ක් තරග ලැයිස්තුවේ සිටින අපේක්ෂකයන්ගෙන් තෝරා ගනු ඇත.

29 දා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර තැපැල් ඡන්ද ගණන් කිරීම මෙදින පස්වරු 4.15 සිදු කිරීමටත් පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 8 ටත් පළමු වන ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 10 ට හෝ මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමටත් බලාපොරොත්තුවේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]