![]() ![]() |
||
විශාඛා විද්‍යාලයෙන් ‘රාත්‍රිය’ නමින් ගී නිර්මාණ ඇගැයීමේ ප්රසංගයක්සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයේ ‘මාධ්‍ය නිර්මාණ විචාරය’ තේමාවට අදාළව, කොළඹ විශාඛා විද්‍යාලයීය මාධ්‍ය සංසදය විසින් ‘රාත්‍රිය’ නමින් ගී නිර්මාණ ඇගයීමේ ප්‍රසංගයක් වර්ෂ 2014 මාර්තු මස 24 වැනි දින සවස 6.00 සිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ‘කමත’ එළිමහන් පරිශ්‍රයේ දී පැවැත්වේ. දේශයේ තරුණ පරපුර තුළ විචාරශීලී නිර්මාණාත්මක චින්තනයක් ගොඩනැඟීමේ උදාරතර අරමුණින් සිදුකරන මේ ප්‍රසංගයේ දී ‘රාත්‍රිය’ ප්‍රස්තුත කරගනිමින් විවිධ තේමාවන් ඔස්සේ දිවෙන හරවත් ගීත නිර්මාණ ඉදිරිපත් කෙරෙන අතර ඒ සඳහා ප්‍රසිද්ධ ගායක ගායිකාවන් කිහිපදෙනකු ද සහභාගිවීමට නියමිතය. ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම නෙලූ අධිකාරි මහත්මිය සහ කපිල පූගලආරච්චි මහතා විසින් සිදු කරනු ලබන අතර ගීත නිර්මාණ ඇගයීම් මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් මඟින් සිදුකරනු ලැබේ |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |