කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
තරුණ පරපුරේ අනාගතය සාර්ථක කිරීමට කටයුතු කරනවා

තරුණ පරපුරේ අනාගතය සාර්ථක කිරීමට කටයුතු කරනවා

- කොළඹ සන්ධාන අපේක්ෂක නලින් ගුණසේකර

තරුණ පරපුරේ අනාගත පරමාර්ථ ඉටුකර ගැනීමට අත හිත දී ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීම තම ප්‍රධාන අරමුණ බව කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක නලින් ගුණසේකර මහතා පවසයි.

දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ කුඩා, තරුණ, මහලු ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීම පිණිස ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව මෙවර පළාත් සභා මැතිවරණයට තමා ඉදිරිපත් වූ බව ද ඒ මහතා පැවැසීය.

වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ තමා, තම පියා ආරම්භ කළ ‘ඉලෙක්ට් පදනම’ යටතේ තරුණ පරපුරට අවශ්‍ය වෘත්තිය පුහුණුවත් ලබා දී ඔවුන්ගේ ඉදිරි ජීවිත ගමන ශක්තිමත් කිරීමට අලුත් වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව ද ගුණසේකර මහතා පවසයි.

ඊට අමතරව දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ගැටලු හා ප්‍රශ්නවලට පූර්ණ කාලීන විසඳුම් ලබාදීමටත් ඔවුන්ගේ නොවිසඳුණු ප්‍රශ්න විසඳීමටත් තමා කටයුතු කරන බවත් ඒ මහතා කියයි.

ගුණසේකර මහතා මේ අදහස් පළ කළේ ඒ මහතාට ආධාර පිණිස සංවිධානය කළ දෙහිවල, ගල්කිස්ස වැනි ප්‍රදේශවල පැවැති රැස්වීම් මාලාවක් අමතමිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]