![]() ![]() |
||
පත්තර නිවහනමාධ්යවේදීන් එක් රැස්වන, මුණ ගැසෙන, අල්ලාප සල්ලාප කතාබහ සාකච්ඡා පවත්වන අතර ම කෑම් බීම් ද කරන ස්ථානය ‘ප්‍රෙස් ක්ලබ්’ (PRESS CLUB) නම් වේ. හැම රටෙක ම පාහේ මේවා ඇත්තේ මේ ආකාරයෙනි. ඕනෑ ම රටෙක ‘ප්‍රෙස් ක්ලබ්’ ආයතනවලට සම්භාවනීය තත්ත්වයක් ඇත. PRESS CLUB යන්නට සුදුසු හොඳම සිංහල නම ඉදිරිපත් කරන ලද්දේ ලංකා පත්‍රකලා සංගමයේ සභාපතිව සිටි දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංක මහතා විසිනි. ‘පත්තර නිවහන’ නම් වූ මේ නම ඉදිරිපත් කැරුණේ 1960 වර්ෂයේ ලංකා පත්තරකලා සංගමය මඟින් කොළඹ රීගල් සිනමා ශාලාව අසල රීජන්ට් ගොඩනැඟිල්ලෙහි සිය මූලස්ථානය පිහිටුවන ලද අවස්ථාවේ ය. ඒ පත්තර නිවහන අවුරුදු ගණනාවක් තිස්සේ මාධ්‍යවේදීන්ගේ ආදරණීය තිප්පොළ වීය. එහෙත් 1982 දී ආර්. ප්‍රේමදාස මහතා නො කැමැති දෙයක් කතු වැකියෙක පළවූ නිසා මාධ්‍යවේදීන්ට නිවහන අහිමි විය. පත්‍රකලා සංගමය තවමත් පත්තර නිවහනකට සුදුසු තැනක් සොයමින් සිටී. “PRESS CLUB” (පත්තර නිවහන) යන නම අයිති, PRESS ASSOCIATION නම් වූ පත්‍රකලා සංගමයට ය. අන් කිසිවකු අරක්කු විකුණන හෝ එවන් අන් ජාවාරමක් කරන තැනක් සඳහා මේ නම යොදා ගැනුණොත් එය සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු විය යුතු ය.
උඩවැඩියාගස් කඳන්හි හා ගල් මත වැඩෙන පැළය. උඩවැඩියා නම් වේ. පියකරු මල් ඇති උඩවැඩියා ඕකිඩ් වර්ගයකි.
උඩැක්කිකුඩා බෙර වෙසෙසක්, නැටුම් ගැයුම් ආදියෙහි වයන තූර්ය භාණ්ඩයක්.
ක්රෝටන්ක්රෝටන් (CROTON) යන්න, මල් වවන්නවුන් අතර සුප්‍රසිද්ධ නාමයෙකි. ඒවා ජනප්‍රිය වූයේ මල් නිසා නොව කොළ නිසා ය. ක්රෝටන් ගසේ හැම කොළයක් ම වය්වාරන්න පුෂ්පයක් බඳු වේ. ක්රෝටන් (CROTON) යන්න සිංහල නමක් නො වේ. ඒවාට සිංහල නමක් නැද්ද? ඇත. එහෙත් එය වහරේ නැත. ඒ සිංහල නම නම් ජයපාල ය. මෙය ජාපාල නම් අනෙක් ඖෂධීය පැළෑටියකි. ක්රෝටන්වලට ඇති සිංහල නම ජයපාල වුවද එය වහරේ නැත. ඇත්තේ පොතේ පමණි. ජාපාල යනු ජයපාලට වෙනස් වූ වදනෙකි. ජපාලය කියන්නේ විරේකය සඳහා බෙහෙතට ගන්නා ඖෂධීය පැළෑටියකි. එහි ඇට ජාපාල (CROTON TINGLITUM) නම් වේ. අද ක්රෝටන්වලට ජාපාල යන නම යෙදුණොත් එය විකාරයක් වේ.
ෆේස්බුක්ෆේස්බුක් යන්න අද බෙහෙවින් ප්‍රචාරයට පැමිණ ඇත. ෆේස් (FACE) නම් වත ය. බුක් (BOOK) නම් ගත ය. වත ගත, වතගොත කරනු හැකිය. එසේ බලන කල්හි FACEBOOK නම් වතගොත වේ. ඉස්සර ඒ ඒ අයගේ වතගොත කතා වුණේ ගම් නියම්ගවල පිහිටි සන්ථානය නම් මඩුවකය. අද වතගොත කතා වන්නේ පුවත්පතේ ය. පොට්ටපොට්ට යනු ඇස් නො පෙනෙන යනුයි. එයට ඊට වඩා හොඳ නම ‘අන්ධ’ ය. පොට්ටයා නොහොත් අන්ධයාට කිසිවක් ම නොපෙනේ.
කණකණා යනු අන්ධයා නොවේ. කණා යනු එක් ඇසක් පමණක් ඇත්තා ය. කණා ය කියන්නේ එක ඇසක් පමණක් පෙනුම ලබන තැනැත්තා ය. ඔහුගේ කණ වී ඇත්තේ එක ඇසක් පමණි. ඔහු එකැස් කණා යනුවෙන් ද හැඳින්වේ. කණාට කනායි කියනු වැරැදි ය. කනා යනු රනින් නිමැවූ මිනිසා ය. ඒ රන් රුවෙකි.
කණා බල්ලන් ගැහීමකණාබල්ලන් ගැසීම යනු ඉලක්කයක් නැතිව වැඩ කිරීම ය. මේ කියමන හැදෙන්නට ඇත්තේ තමාට බුරා ගෙන එන බල්ලන්ගෙන් බේරීම සඳහා අන්ධයකු අත ඇති පොල්ල එහා මෙහා වැනීම ඇසුරෙනි. එහෙත් එක් ඇසක් පමණක් නො පෙනෙන තැනැත්තා එසේ අඳුරේ එහා මෙහා වැනිය යුතු නොවේ. එසේ කරන්නට වන්නේ දෑස ම නො පෙනෙන අන්ධයාට ය. ඉහත කී කියමන ආරම්භ කළ තැනැත්තා අන්ධ යන්නට කණා යන්න යෙදීමෙන් මේ කියමන හැදෙන්නට ඇති. දැන් අපට එය එලෙසින් ම වහරන්නට සිදු වී ඇත.
කර්ණ1. කර්ණ යනු ශ්‍රවනේන්ද්‍රියයි. 2. කොන, කෙළවර 3. සෘජු කෝණික ත්‍රිකෝණයක සෘජු කෝණය ඉදිරිපිට ඇති පාදය ද කර්ණ නම් වේ.
කර්ණකටුකකනට අමිහිරි වූ රළු වූ, ඇසීමට ප්‍රිය නොවන, (මෙහි කන යන්නට යෙදෙන්නේ දන්තජ ‘න’ කාරයයි.
කර්ණ ගෝවරකනට ගොදුරු වන, කනට ඇහෙන
කර්ණ මාධුර්යකනට මිහිරි, කන්කලු
කර්ණ රසායනකන් පිනවන, කන්කලු, කනට රසායනයක් බඳු, කන් පිනවන හඬ, මිහිරි හඬ,
කර්ණ රෝධකන් තදවීම, කන් අගුල් වැටීම
කර්ණ ශූලකන් කැක්කුම
කර්ණාංගුලිසුළැඟිල්ල
කර්ණාට1. දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක්, පළාතක් 2. රාගයක්
කර්ණාන්තයකන අග, කන සමීපය
කර්ණාබාධකන් රෝග
කර්ණාභරණකනේ පලඳින ආභරණ
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |