![]() ![]() |
||
ටෙලිනාට්‍ය ගණනාවක් හරහා රංගන ක්ෂේත්‍රයේ කැපී පෙනුණු තරුවක් තමයි උදයන්ති කුලතුංග. උදයන්ති මැලේසියාවේ රූගත කිරීමට නියමිත ටෙලිනාට්‍යයකට ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන පුවතක් අපිට දැනගන්නට ලැබුණා. මේ ගැන තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා. “මේ ටෙලිනාට්‍යයේ නම ‘විභාගෙ ෆේල්'. එය පසුගිය දා විකාශය නිමාවට පත් වුණු ‘AL ඉවරයි’ ටෙලිනාට්‍යයේ දෙවැනි කොටස. මෙය අධ්‍යක්ෂණය කරන්නේ ලක්මිණ අමරදේවයි. එහි ප්‍රධාන චරිතයක් වන ශිෂ්‍යාවකගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේ ම මෙහි රූගත කිරීම් ලංකාවේ කොටසකුත් මැලේසියාවේ තවත් කොටසකුත් සිදු කිරීමට නියමිතයි.”
මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක් බුද්ධදාස විතානආරච්චි. මේ දිනවල බුද්ධිට එක ළඟ රූගත කෙරෙන චිත්‍රපට දෙකක පැවිදි චරිත දෙකක් ම රඟ පාන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ චිත්‍රපට දෙකම අපේ ඉතිහාසය මුල් කොටගෙන නිර්මාණය වන විශිෂ්ට ගණයේ චිත්‍රපටවීම විශේෂත්වයක්. මේ ගැන දැන ගන්න බුද්ධිත් එක්ක කතා කරලා බැලුවා. “මේ දිනවල රූගත කෙරෙන ‘ඇහැලේපොළ කුමාරි හාමි’ සහ ‘මහරජ ගැමුණු’ චිත්‍රපට දෙකේ ම පැවිදි චරිත දෙකක් තමයි මම රඟ දක්වන්නේ. ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිගේ චරිතයත් ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ‘මහාශිව’ නාහිමියන්ගේ චරිතයත් මම රඟ දක්වනවා. මේ චරිත දෙක ම පැවිදි චරිත දෙකක් නිසා රූගත කිරීම්වලදී මගේ හිස එකවර ම චරිත දෙකකට ගැළපෙන ලෙස මුඩු කරන්න පුළුවන්. ඇත්තටම ඉතිහාසයේ මෙවැනි ශ්‍රේෂ්ඨ චරිත රඟපෑමට ලැබීම වාසනාවක්. ඒ වගේ ම අපෙත් වාසනාව නිසයි මෙවැනි චරිත අපට රඟ දක්වන්නට ලැබෙන්නේ කියලයි මට හිතෙන්නේ.
හර්ෂ උඩකන්දව කලා ලොවේ කවුරුත් හඳුනන්නේ සහාය අධ්‍යක්ෂවරයෙක් වගේ ම අධ්‍යක්ෂවරයෙක් විදිහට. නව පරපුර නියෝජනය කරමින් ඉතා කෙටි කාලයක් තුළ කලා ක්ෂේත්‍රයේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහටත් අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඔහුට ඉදිරියට එන්නට හැකි වුණා. එනිසා ම රසිකයන් අතර හර්ෂගේ නම ජනප්‍රියත්වයට පත් වුණේ ලංකාවේ වැඩිම ගීත ප්‍රමාණයක් සඳහා රූප රචනා කිරීමෙන් දායක වූ සහාය අධ්‍යක්ෂවරයා ලෙසයි. මේ ගැන හර්ෂ අපිත් එක්ක කතා කළා. “මේ වනවිට මම ගීත සඳහා විෂුවල් තුන්සිය ගණනක් නිර්මාණය කිරීමට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. ඒ වගේ ම ‘එක්ටැම්ගේ’, ‘A/L ඉවරයි’, ‘හඳපාන’ වැනි ටෙලිනාට්‍ය ගණනාවකටම මගේ දායකත්වය ලබාදුන්නා. අධ්‍යක්ෂවරයෙක් දිගට දඟකාර යෞවනය, සෙවණැලි, ‘බුදුසරණ’ ටෙලිනාට්‍ය මම නිර්මාණය කළා. මේ දිනවල මම දායකත්වය සපයන ‘පුරවරුණ’ සහ ‘හද රැඳි පැය’ වැඩසටහන් ප්‍රේක්ෂකයින් ගේ උණුසුම් ප්‍රතිචාර මැද විකාශය වෙනවා. ඒ වගේ ම මම ‘පිටකොටුව’ නමින් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නත් සැලසුම් කර තිබෙනවා.
රංගන ශිල්පිනියන් අතුරින් ලස්සනම රංගන ශිල්පිනියක් තමයි මනීෂා ශ්‍යාමලී. මනීෂා මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය කිහිපයකම චරිත මවනවා. මේ දිනවල ඇය අලුත් ම ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බව අපිට ආරංචි වුණා. මේ අලුත් ම ව්‍යාපාරික කටයුත්ත ගැන ඇගෙන් ම විමසා බලන්න අපි කටයුතු කළා.
“මම රෙදි පිළි ව්‍යාපාරයක් අරඹන්න තමයි මේ දිනවල සූදානම් වන්නේ. මීට පෙරත්
ඇඟලුම් ව්‍යාපාරික කටයුතුවල මම නිරත වුණා. නුගේගොඩ අවට මෙරට හා පිටරටින්
ගෙන්වන නිමි ඇඳුම් ව්‍යාපාරය අරඹන්නයි සූදානම් වෙන්නේ. මම රංගනයට වගේ ම
ව්‍යාපාර පැත්තටත් හුඟාක් කැමැතියි. රංගනයට අමතරව ව්‍යාපාරික
කටයුතුවලින් මම සතුටක් ලබනවා. ඒ වගේ
කාලෙකට පස්සෙ ගෙදර ඇවිත් පුරුදු වැඩවල
කලා ක්ෂේත්‍රයේ මෙන් ම මාධ්‍ය ලෝකය තුළත් අරවින්ද ඉරුගල්බණ්ඩාර කවුරුත් දන්න කෙනෙක්. පසුගිය කාලයේ අරවින්ද ගැන වැඩිමනත් තොරතුරක් දැනගන්න ලැබුණෙ නැහැ. ඒත්... අරවින්ද අසනීප තත්ත්වයෙන් පසුවන බවට ආරංචියත් කලා ක්ෂේත්‍රයේ පැතිර ගියා. මේ හැමදේම දැනගන්න අපිත් අරවින්දට කතා කළා. “පසුගිය දවස්වල මම අසනීප වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත්තා. වකුගඩු සම්බන්ධ අසනීප තත්ත්වයක් තමයි ඇති වුණේ. මේ වනවිට සෑහෙන සුවයක් ලබලා නිවෙසට වී විවේක ගන්නවා. අසනීප අවස්ථාවේ ක්ෂේත්‍රයේ හැම දෙනාම මගේ සුවදුක් විමසා බැලුවා. දැන් මම හොඳින් සුවය ලබා තිබෙන නිසා මේ දිනවල මගේ නවතම චිත්‍රපටය වන ‘මිලිටරි පැංචෝ’ හි සංස්කරණ කටයුතුවල නියැළෙනවා. ඒ වගේ ම මම රංගනයෙන් දායක වූ ‘ආත්ම වරුෂා’ ඇතුළු චිත්‍රපට කිහිපයක්ම රිලීස් වෙන්න තිබෙනවා. ඒවා තිරගත වන තුරු බලාගෙන ඉන්නවා. මම මාසයකට වරක් සංස්කරණය කරන ‘ලංකා සිනමා දීප’ පුවත්පතේ කටයුතුත් සුපුරුදු පරිදි සිදුවෙනවා.”
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |