![]() ![]() |
||
කෞෂාල්ට කැමැති වුණේ ‘ක්‍රිකටර්’ කෙනෙක් නිසා නොවේභාග්යා හෙට්ටිආරච්චි
කොහොමද භාග්‍යා? මොනවද මේ දවස්වල ඔබ කරන්නේ? ෙම් දවස්වල "රන්තරු" ටෙලිනාට්‍යයේ අවසන් කොටස් කීපයේ රූපගත කිරීම්වල යෙදිල ඉන්නවා. ඒ වගේම සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කරන ආශා එදිරිසිංහ නිෂ්පාදනය කරන "රනා" ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට දායක වෙනවා. ඒ වගේ ම සිරස නාළිකාවේ "ආදර සංධ්වනිය", "සුරවිමන" ටෙලිනාට්‍යවල රූපගතකිරීම් වලටත් දායක වෙනවා. "රනා" ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය...? "රනා" ටෙලිනාට්‍යය මට සුවිශේෂී එකක්. ඒක ඉතාම ලස්සන ටෙලිනාට්‍යයක්. එහි මම නිරූපණය කරන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක ජීවත්වන ගැමි තරුණියකගේ චරිතයක්. රන්මිහිතැන්න, සෙල්ල කතරගම, කතරගම වැනි ප්‍රදේශවල තමයි මෙහි රූපගත කිරීම් කළේ. මෙහි රඟපාන විට මෙග් බාහිර පෙනුම වගේ ම මගේ කතා විලාසයත් වෙනස් කරන්න සිදුවුණා. "රන්තරු" ටෙලිනාට්‍යයේ සංසකාට ලැබෙන ප්‍රතිචාර කොහොමද? හරි පුදුම විදියට ප්‍රතිචාර ලැබෙනවා ඒ රඟපෑමට. "රන්තරු" ටෙලිනාට්‍යයට ගොඩක් දෙනෙක් කියන්නේ "කේක් කතාව" කියලා. මඟ තොටේ හමුවන ප්‍රේක්ෂකයින් දක්වන ප්‍රතිචාරවලින් ම පේනවා "රන්තරු" කොයි තරම් ජනප්‍රියද කියලා. සමාජයේ බාල මහලු තරුණ සෑම කෙනෙක් ම වාගේ මේ ටෙලි නාට්‍යය නරඹනවා. මෙහි අඬන දර්ශන ප්‍රේම කරන දර්ශන නෑ. මෙය මේ දිනවල විකාශය වන අනෙක් ටෙලිනාට්‍යවලට වඩා වෙනස් එකක්. ඔබ මේ දක්වා නිරූපණය කර තිබෙන චරිත තරමක් ඒකාකාරියි කියල කිව්වොත්...? නැහැ. එහෙම නැහැ. "ආදර සංධ්වනිය" ටෙලිනාට්‍යයේ මම කරන්නේ පාසල් සිසුවියකගේ චරිතයක්. "සුරවිමන" ටෙලි නාට්‍යයේ කරන්නේ කොමඩි චරිතයක්. "රන්තරු" එකේ කරන්නේ අහිංසක චරිතයක්. ඒ චරිත එකිනෙකට වෙනස්. "සුරවිමන" ටෙලිනාට්‍යයේ "කොමඩි" චරිතයක් කිරීම අසීරු වුණාද? මම මීට ඉස්සර කොමඩි චරිත කරල නෑ. ඒ නිසා මුලදි රඟපෑම තරමක් අසීරු වුණා. එහි රඟපෑම අසීරු වෙන්න තවත් හේතුවක් තිබුණා. ඒ තමයි මෙහි රූපගත කිරීම් කරනවිට විනාඩි 5 ක් 10 ක් විතර එකදිගට රූපගත කරනවා. "කට්" වලට යන්නේ නෑ. ඒක අසීරු වුණාට මගේ රංගන ජීවිතයට ඒක ලොකු අභ්‍යාසයක්. එහි ඉතාම දක්ෂ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක් ම රඟපානවා. ඔවුන් සමඟ වැඩ කිරීමට ලැබීමත් ලොකු වාසනාවක්.
ඔව්. කැමැතියි. ඔබේ පෙම්වතා...? ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ; කෞෂාල් සිල්වා. කොහොමද ඔබට කෞෂාල්ව හමුවුණේ...? දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ ම රංගන, නර්තන ශිල්පියෙක් වන අකලංක ගනේගම මට හොඳ සහෝදරයෙක්. අකලංක අයිය මඟින් තමයි මට කෞෂාල්ව හමුවුණේ. ඇයි ඔබ කෞෂාල්ට කැමැති වුණේ, එයා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසාද? මට මුලින්ම හමුවෙන විට එයා ක්‍රිකට් ගහනවද කියල මම දන්නෙවත් නෑ. ඉස්සර මම ක්‍රිකට්වලට කැමැති නෑ. ඉස්සර ක්‍රිකට් බලන අයටත් මම බනිනවා. මට කෞෂාල්ව හඳුන්වල දුන්නෙ අකලංක අයියනෙ. අකලංක අයියා කිව්ව කෞෂාල් හරිම හොඳ කෙනෙක් කියල. ඉතින් අපි හඳුනාගෙන ටික දවසක් ආශ්‍රය කළා. එතකොට මට හිතුණා මේ තමයි මම හොයපු කෙනා කියලා. ඒ නිසයි මම කෞෂාල්ට කැමැති වුණේ. එහෙම නැතිව එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා නෙමෙයි. දැනුත් ඔබ ක්‍රිකට් තරග බලන්නේ නැතිද? දැන්නම් මම ක්‍රිකට්වලට හරිම කැමැතියි. කෞෂාල් ළඟ තියෙන ඔබ කැමැති සහ අකැමැති ගතිගුණ මොනවාද? මම කැමැති ගතිගුණ කීපයක් ම එයාට තියෙනවා. එයා ගොඩක් ඉවසීමක් තියෙන කෙනෙක්. එයා අනෙක් අයට හරියට උදව් කරනවා. අනෙක් අය ගැන හරියට හිතනවා. මොන දේ කරන්න ගියත් එයා වැඩියෙන් හිතන්නේ අනෙක් කෙනා ගැන. නෑදෑයින්ට දෙමව්පියන්ට එයා හරිම ආදරෙයි. එයා තුළ තියෙන අනෙක් වැදගත්ම ගුණය තමයි කරන හැම වැඩකටම තියෙන කැපවීම. වෙලාවට වැඩ කරන එක. එයා තුළ තියෙන මම අකැමැති ගතිගුණයක් තමයි අනෙක් අයව වැඩියෙන් විශ්වාස කරන එක. එහෙම කරල එයා අමාරුවෙ වැටුණු අවස්ථා ඕන තරම් තියෙනවා. ඔහු හඳුනාගෙන කොච්චර කල්ද? අවුරුදු දෙකහමාරක් විතර. ළඟදී විවාහය සිදුවේවිද? නැහැ. දැනට එහෙම දින වකවානුවක් ගැන හිතල නැහැ. ඔහු ඔබේ වෘත්තියට ගරු කරනවාද? ඔබට උදව් කරනවාද? අනිවාර්යෙන්ම. එයා ලංකාවේ ඉන්නවා නම් රූපගත කිරීම්වලට මාව එක්කගෙන යනවා. මගේ වැඩවලට හරියට උදව් කරනවා. මම රඟපාන සෑම ටෙලිනාට්‍යයක්ම එයා බලනවා. ලංකාවේ හිටියේ නැතිනම්, ඉන්ටර්නෙට් එකෙන් හරි බලනවා. සිනමාවේ තවම හොඳ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ නේද? මම මේ වනවිට එක චිත්‍රපටයක රඟපාල තියෙනවා. ඒ; රොෂාන් කුරුප්පුගේ "මල් විල ෆාම්" චිත්‍රපටයේ. එහි විමල් අයියයි නිල්මිණී බුවනෙකයි මමයි තමයි ප්‍රධාන චරිත කළේ. තවම ඒක තිරගත වුණේ නෑ. මම රඟපෑ සමහර ටෙලිනාට්‍ය නරඹපු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මට කියල තියෙනවා "ඔයා ඒ ටෙලිනාට්‍යයේ රඟපෑවේ ෆිල්ම් එකක වගේ" කියලා. ඉතින් ඒ ඇගයීම මට ලොකු ගෞරවයක්.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |